October 28, 2025

මධ්‍යසාර නිෂ්පාදන සඳහා ගෙවීම් කාලය සහ බදු අයකිරීම සඳහා අදාළ වන නීති සංශෝධනය කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්, අද සිට බලපැවැත්වෙන පරිදි අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

සුරාබදු ආඥා පනතේ 22 වැනි වගන්තිය යටතේ සෑම බලපත්‍රලාභියෙකුම නියමිත දිනට හෝ ඊට පෙර බදු ගෙවිය යුතු බව ප්‍රකාශ කරමින් මෙම ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කෙරේ.

නියමිත දින සිට දින 30ක් ඇතුළත බද්ද හෝ ගාස්තුව සම්පූර්ණයෙන් ගෙවීමට අපොහොසත් වන බලපත්‍රලාභියෙකුගේ, මධ්‍යසාර බෝතල් කිරීමේ බලපත්‍රය අත්හිටුවන බව නිවේදනයේ තවදුරටත් සඳහන් විය.