
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට ඉන්ධන බෙදා හැරීම සඳහා පිරවුම්හල් ක්‍රියාත්මක කිරීම සහ නව පිරවුම්හල් පිහිටුවීමේ ගිවිසුමකට චීනයේ සිනොපෙක් සමාගම (Sinopec Energy Lanka (Pvt) Ltd) සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) අද (14) අත්සන් තබා ඇත.
ඉන්ධන ආනයනය, ගබඩා කිරීම සහ විකිණීම ආදිය ඇතුළත් මෙම ව්‍යාපෘතිය සඳහා සිනොපෙක් විසින් ඩොලර් මිලියන 100ක් ආයෝජනය කරන බව ආයෝජන මණ්ඩලය සඳහන් කරයි.
මෙම ව්‍යාපෘතිය සඳහා දැනට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) විසින් පවත්වාගෙන යනු ලබන පෞද්ගලික ඉන්ධන අලෙවිසැල් 150ක් සම්බන්ධ වන අතර, ඊට අමතරව නව ඉන්ධන පිරවුම්හල් 50ක් ස්ථාපිත කිරීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනතට අනුව සිනොපෙක් ආයතනයේ අධීක්ෂණය යටතේ වසර 20ක් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ගිවිසුම මඟින් ඉඩ ලබා දේ.
සිනොපෙක් විසින් ඔක්ටේන් 92 සහ 95 පෙට්‍රල්, 500 PPM ඩීසල්, ඩීසල් 10 COPPM, පෙට්‍රෝලියම් ජෙට් ඉන්ධන සහ අනෙකුත් ඩීසල් සහ පෙට්‍රෝලියම් නිෂ්පාදන ඇතුළු විවිධ ඛනිජ තෙල් නිෂ්පාදන අලෙවි කරයි.
මැයි මාසයේදී අත්සන් කරන ලද සිනොපෙක් සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අතර පවතින ගිවිසුම නොවෙනස්ව පවතිනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart