
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ධීවර වරායන්වල උසස් තත්ත්වයේ සිපෙට්කෝ ලිහිසි තෙල් බෙදාහැරීම සඳහා රජය නව යාන්ත්‍රණයක් හඳුන්වාදෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පැවසුවේය.
එම ක්‍රියාවලිය දික්ඕවිට ධීවර වරායෙන් ඊයේ ආරම්භ කෙරිණි.
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ලංකා ධීවර වරාය සංස්ථාව සමඟ සහයෝගයෙන් දියත්කරන ලද මෙම වැඩසටහනේ අරමුණ වන්නේ බෙදාහැරීමේ ක්‍රියාවලියේ විනිවිදභාවය සහතික කරමින් ධීවර ප්‍රජාවට සහන සැලසීමයි.
රාජ්‍ය ව්‍යවසායන් හරහා උපයන ලාභ මහජන සුභසාධනය සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා නැවත ආයෝජනය කිරීමට රජය අදහස් කරන බව අමාත්‍ය කුමාර ජයකොඩි එහිදි පැවසීය.
ඉන්ධන සහනාධාරය ධීවරයන් වෙත සෘජුවම ළඟාවන බව සහතික කිරීම සඳහා පද්ධතියක් ස්ථාපිත කිරීමට ද සැලසුම් කරන බව ඔහු නිවේදනය කළේය.
සිපෙට්කෝ ලිහිසි තෙල්වල ගුණාත්මක ප්රමිතීන් ඉස්මතු කරමින් අමාත්‍යවරයා පැවසුවේ නිෂ්පාදන දැඩි ක්‍රියාවලීන් යටතේ සිදුකර ඇති බව සහ අන්තර්ජාතික සහතිකය ලබා ඇති බවයි.
ඔප්පු කරන ලද විශ්වසනීයත්වය හේතුවෙන් සිපෙට්කෝ නිෂ්පාදන තෝරාගැනීමට ඔහු ධීවරයන් සහ අනෙකුත් වාහන භාවිත කරන්නන් දිරිමත් කළේය.
ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන්, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා සහ ලංකා ධීවර වරාය සංස්ථාවේ සභාපති කපිල බමුණුආරච්චි ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගී වූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart