
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තමන්ට එරෙහිව සමාජ මාධ්‍යවල ප්‍රචාරය වෙන තොරතුරු සම්බන්ධයෙන් රංගන ශිල්පිනියන් කිහිපදෙනකු පියවර ගෙන තිබේ.
රංගන ශිල්පිනී ශ්‍රීමාලි ෆොන්සේකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ ගැන පැමිණිල්ලක් කර තිබෙනවා. තවත් රංගන ශිල්පිනියක් වන හෙෂානි ලියදපිටිය තමන් නීතිමය පියවර ගන්නා බව ප්‍රකාශ කර තිබිණි..
කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාලයන් සමග සම්බන්ධතා පැවැත්වුවේයැයි පොලීසියේ ඇතැම් පිරිස් විසින් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය වෙත ප්‍රචාරය කරන ලද තොරතුරු මත සමාජයේ විවේචනයට ලක් වු ඇතැම් රංගන ශිල්පිනියන් මේ අයුරින් ඒ පිළිබද නීතිමය පියවර ගෙන තිබේ.
මේ වන විට රංගන ශිල්පීනී පියුමි හංසමාලි පද්මේ පිළිබද සිදුකරන විමර්ශනයට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක්ද ලබා දී තිබෙනවා. ඔහුගේ දූරකථනවල ඇති සම්බන්ධතා බව සදහන් කරමින් තවත් රංගන ශිල්පිනියන්ගේ නම් ප්‍රසිද්ධ වී ඇත.
රංගන ශිල්පීනි හෙෂානි ලියදිපිටිය මෙසේ මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි.
“මම සෝෂල් මීඩියාවල මම ගැන යන නෙගටිව් දේවල් පිටිපස්සේ පන්නන කෙනෙක් නෙවෙයි. මම කතාවෙන් පෝස්ට් එක දැක්කාට ඒ පස්සේ එච්චර එළවන්න ගියේ නෑ. මට ඒක එච්චර වැදගත් දෙයක් නෙවෙයි නිසා. මට තේරෙුණා මේ ගැන වැඩිපුර ලංකාවේ වැඩිපුර කතා වෙනවා වගේ දෙයක්. මගේ වටපිට කතා වෙන පිරිස කිව්වා හොයලා බැලුවොත් හොදයි. කට්ටිය ඇතුළේ හුවමාරු වෙන විදිය හොද නෑ කියලා.
මම දන්නේ නැහැ පෝස්ට් එක කවුරුද නිර්මාණය කලේ කියලා. හැබැයි මේ සදහා මගේ නම භාවිතා කිරීම මම දන්නෑ මොන දෙයක් නිසා කළාද කියලා. කිසිම සත්‍යතාවක් නැති දෙයකට මගේ නම භාවිතා කිරීම ගැන මට ලොකු කණගාටුවක් තියෙනවා. ලොකු දුකක් තියෙනවාත. මට මගේ පැත්තෙන් කරන්න පුලුවන් දේ මං සම්බන්ධව අසත්‍ය දෙයක් සමාජ මාධ්‍ය හරහා මගේ ප්‍රේක්ෂකයන්ට හෝ දන්න පිරිසට හෝ පැතිරෙන එකට කරන්න පුලුවන් නීතිමය පියවර ගැනීම පමණයි. ඒ මාර්ගය තෝරාගත්තා. නීතිමය පියවරක් ලබා ගැනීමට සිද්ධ වුණා. මගෙග් නම සෝෂල් මීඩියා හරහා භාවිතා කරමින් බොහොම නරක දෙයක් ලොකු වපසරියක ගෙනියන එක.
මම අගය කරනවා වටේ ඉන්න පිරිස ගැන. සමාජ මාධ්‍යවල ඉන්න පිරිස වගේම මට මැසේජ් කළා ඒ දේවල් එච්චර ගණන් ගන්න එපා, සාමාන්‍යෙයන් වෙන්න පුලුවන් දේවල් කියන එක. මට කියන්න තියෙන්නේ අපි හරියට තොරතුරක් දන්නෙ නැත්නම් මේ වගේ ලොකු චෝදනනාවල් විශේෂයෙන්ම, ගැහැණු ළමයින්ට කරන්න එපා. මොකද අපි දන්නේ නැහැ හරි වැරැද්ද මොකක්ද කියලා. සමහරවිට නිවැරදි කෙනෙක්ට කරන එක නීතිමය වශයෙන් හොදත් නෑ. මනුස්සකමින් හොදත් නෑ. මේ වගේ දේවල් ප්‍රවෘත්තිවලින් ඇහනෙකොට තව කෙනෙක් මේ විදියට කරන්න පුලුවන්. තවත් නම් මේකට සම්බන්ධ කරන්න පුලුවන්. අපි දන්නෙ නැහැ අපි එක්ක හම්බවෙන මිනිස්සු අපි හොයන්න බලන්න යන්නෙ නෑ.
සමහරවිට ඒක වරදක්. අපි රංගන ශිල්පිනියක් විදියට මම හිතන්නෙ අපට ඒ දේට මුහුණදෙන්න සිද්ධවෙනවා. මට කාරුණිකව කියන්න තියෙන්නේ තමන් නොදන්න කිසිම තොරතුරක් තවත් කෙනෙකුට කියන්නවත්, ෂෙයා කරගන්නවත් යන්න එපා. ඕනෑම දෙයක් සම්බන්ධයෙන් එහෙම කරන්න එපා. ඒක ඒ තරම් හොද දෙයක් නෙවෙයි.
මම ලංකාවේ ජීවත් වෙන කෙනෙකුත් නෙවෙයි. විවාහයෙන් පස්සේ වෙන රටකට ගියා.”
(Whatnews.lk)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart