
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ප්‍රංශයේ පැරිස් නුවර ලූවර් කෞතුකාගාරයෙන් වටිනා රාජාභරණ සොරකම් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ප්‍රංශ ජනමාධ්‍ය පවසයි.
චාල්ස් ඩි ගෝල් ගුවන්තොටුපළෙන් පිටත්ව යෑමට නියමිතව තිබූ ගුවන් යානයකින් පළායෑමට සූදානම් වෙමින් සිටියදී එක් අයෙකු අත්අඩංගුවට ගත් බව පැරිස් නීතිපති කාර්යාලය පැවසීය.
ලොව වැඩිම නරඹන්නන් පිරිසක් පැමිණෙන බව පැවසෙන ලූවර් කෞතුකාගාරයෙන් යුරෝ මිලියන 88 ක් වටිනා රාජකීය භාණ්ඩ පසුගියදා විදුලි මෙවලම් භාවිත කළ සොරුන් සිව්දෙනකු විසින් දහවල් කාලයේදී සොරාගෙන තිබිණි.
ප්‍රංශයේ අධිකරණ අමාත්‍යවරයා කෞතුකාගාරයේ ආරක්ෂක උපක්‍රම අසාර්ථක බව පිළිගෙන ඇති අතර, එමඟින් රටට අහිතකර ප්‍රතිරූපයක් ගොඩනැගිණි.
ඉකුත් සෙනසුරාදා අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇති බවත්, කොපමණ පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්දැයි නිශ්චිතව සඳහන් නොකළ බවත් පැරිස් නීතිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේය.
සැකකරුවන්ගෙන් එක් අයකු ඇල්ජීරියාවට යෑමට සූදානම් වෙමින් සිටි බව පොලිස් ආරංචි මාර්ග ප්‍රංශ ජනමාධ්‍ය වෙත පවසා ඇති අතර, අනෙක් පුද්ගලයා මාලි වෙත යෑමට සූදානමින් සිටි බව අනාවරණ වී තිබේ.
කෙසේවෙතත් නඩුවට අදාළ තොරතුරු හෙළිදරව් කිරීම පැරිස් නීතිපතිවරයා විවේචනය කර ඇති අතර, එය ස්වර්ණාභරණ සොයාගැනීමට සහ සොරුන් සොයාගැනීමට දරන උත්සාහයන්ට බාධාවක් බව ද බවද පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart