
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විදේශගතව සිටින ආයුර්වේද වෛද්‍යවරයෙකුට අයත් දෙහිවල එබනයිසර් පාර මහල් නිවාස සංකීර්ණයේ නිවසක රැඳී සිටි පෙම්වතුන් යුවළක් නිවැසියන් සතු රුපියල් එක්කෝටි දහතුන් ලක්ෂයකට අධික වටිනා විදේශීය මත්පැන් හා වටිනා විදුලි උපකරණ ඇතුලු දේපළ හා හතළිස් පන්ලක්ෂයක මුදලක් සොරකම් කර පළාගොස් සැඟව සිටියදී දෙහිවල පොලිසිය මගින් ඉකුත් 22 දින මීගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
පෙම්වතා හා පෙම්වතිය අවුරුදු 24 හා 22 වයස්වල පසුවන්නන් වන අතර මීගමුව ටැටූ මධ්‍යස්ථාන නවාතැන් පොළක රැඳී සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙම ආයුර්වේද වෛද්‍යවරයා ජර්මනියේ පදිංචිව සිටිමින් ආයුර්වේද තෙරපි මධ්‍යස්ථානයක් පවත්වාගෙන යමින් සිය බිරිඳ දරුවන් සමග වාසය කරන අතර දෙහිවල නිවස වසා තැබීමෙන් පාලුවට යෑම නිසා හිතවත් දමිළ තරුණයකු මාර්ගයෙන් තරුණිය හඳුනාගෙන නිවස බලාගැනීමට භාරදී ඇත.
පසුව වෛද්‍යවරයා නිවසෙහි රැඳී සිටින තරුණිය සමග ප්‍රේම සබඳතාවයක් ඇති කරගෙන පෙර පවුල් දික්කසාද කර ඇයව විවාහ කරගන ජර්මන් වලටම ගෙන්නා ගනු ලබන බවට පොරොන්දු වීමෙන් පසු වීසා ගාස්තු වශයෙන් රුපියල් හතලිස් පන් ලක්ෂයක මුදලක් අවස්ථා තුනකදී ඇයගේ ගිණුමට එවා තිබේ.
එම මුදල් තමා අඳුරන ප්‍රංශයේ ඒජන්සි ආයතයක නියෝජිතයෙකු හට කොටුව ප්‍රදේශයේදී ලබාදුන් බවත් ඒ සඳහා කිසිදු ලියවිල්ලක් ලබානොදුන් බවත් තරුණිය වෛද්‍යවරයා වෙත පවසා ඇත.
ඊට අමතරව තරුණියගේ මාසික වියදම් සඳහා රුපියල් ලක්ෂ තුන බැගින් එවා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවද පොලිසිය කියයි.
එමෙන්ම වෛද්‍යවරයා මෙරටට පැමිණ සිටි අවස්ථාවකදී ඔහුගේ ස්වයංක්‍රීය ටේරලර් කාඩ්පතෙහි පිටපතක් තම පරිඝනකයට බාගත කරගෙන ඒ හරහා මාසිකව රුපියල් ලක්ෂ තුනකට අධික මුදලක් වංචනිකව ලබාගෙන ඇති බවද විමර්ශනවලදී අනාවරණය කරගෙන ඇත.
මේ අතරතුර සිය බිරිඳ ලංකාවට පැමිණෙන බැවින්, ඇයට වෙනත් නිවසක පදිංචියට යන ලෙසත් අවශ්‍ය මුදල් ලබාදෙන බවද වෛද්‍යවරයා පවසා ඇත.
ඉකුත් 06 වන දින ලංකාවට පැමිණ ඇති වෛද්‍යවරයා ඇයගේ ජංගම දුරකථනයට ඇමතුම් ගත්තද විසන්ධි කර තිබීම නිසා නිවසට පැමිණ පරීක්ෂා කිරීමේදී තමා විනෝදයට එකතු කර තිබූ වටිනා දේශීය හා විදේශිය මත්පැන් බෝතල්, පරිගණක, විදුලි උපකරණ ඇතූලු දේපල සොරකම් කර පලා ගොස් තිබීම හේතුවෙන් දෙහිවල පොලිසිය වෙත පැමිණිලි කරනු ලැබීමෙන් පසු ඇයව හඳුන්වා දුන් තරුණයා සමග මීගමුවේ නවාතැන් පොළකදී අත්අඩංගුවට ගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart