
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකරගේ ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු මහරගමදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ මූල්‍ය අපරාධ විමර්ශන අංශය (FCID) රාජ්‍ය බුද්ධි සේවයේ සහාය ඇතිව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
අද උදෑසන, ඝාතනයට සම්බන්ධ තවත් හය දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකරගේ ඝාතනයට සම්බන්ධ බවට චෝදනා එල්ල වන තවත් සැකකරුවන් දෙදෙනෙකු ගාල්ලේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය විසින් මෙම දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ඝාතනයට ආධාර සහ අනුබල දුන් බව කියන තවත් පුද්ගලයෙකු අද උදෑසන ගාල්ලේදී වැලිගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයා ත්‍රිරෝද රථ රියදුරකු වන අතර ඔහු ගාල්ල හියාරේ ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය පවසයි.
වෙඩි තැබීමට පෙර දින ඔහු තුවක්කුකරුවන් සමඟ ගාල්ල සහ මාතර බලා ගොස් ඇති බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart