October 12, 2025

බැංකු ඇතුළු මූල්‍ය ආය­ත­න­ව­ලින් ණය ගෙන, ඒ ණය ගෙවා­ගත නොහැ­කිව සිටින සුළු හා මධ්‍ය පරි­මාණ ව්‍යව­සා­ය­ක­යන්ට බැංකු 15ක් ඔස්සේ ලක්ෂ 150ක් දක්වා ණය පහ­සු­කම් සැප­යීම මේ වන විටත් ආරම්භ කර ඇතැයි මුදල්, ක්‍රම සම්පා­දන හා ආර්ථික සංව­ර්ධන අමා­ත්‍යාං­ශයේ සංව­ර්ධන මූල්‍ය දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ජන­රාල් මංජුල හෙට්ටි­ආ­රච්චි පව­සයි.

ඒ යටතේ ණය ආපසු ගෙවී­මට මාස 6ක සහන කාල­යක්ද සහිතව වසර 5ක් දක්වා වන කාල­යක් හිමි වනු ඇත. අයකරනු ලබන පොලී අනු­පා­තය 8%ක් පම­ණක් බවද හෙට්ටි­ආ­රච්චි කීවේය.

මේ සඳහා ලංකා බැංකුව, මහ­ජන බැංකුව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, කොම­ර්ෂල් බැංකුව, සම්පත් බැංකුව, හැටන් නැෂ­නල් බැංකුව, ජාතික සංව­ර්ධන බැංකුව, සෙලාන් බැංකුව, ප්‍රාදේ­ශීය සංව­ර්ධන බැංකුව, ඩීඑ­ෆ්සීසී, සණස සංව­ර්ධන බැංකුව, පෑන් ඒෂියා බැංකුව, යූනි­යන් බැංකුව, කාර්ගිල්ස් බැංකුව හා රාජ්‍ය උකස් හා ආයෝ­ජන බැංකුව හරහා මේ ණය පහ­සු­කම් සල­සා­ගත හැකිය. මෙහි විශේ­ෂ­ත්වය වන්නේ ඇප ලෙස ඉඩම් ඇතුළු දේපළ ලබා­දී­මෙන් තොරව ණය ලබා­ගත හැකි වීමයි.

එමෙන්ම මින් පෙර බැංකු ණය ගෙන, එම ණය ගෙවා ඇති හෝ නිසි ලෙස ගෙව­මින් සිටින සුළු හා මධ්‍ය පරි­මාණ ව්‍යව­සා­ය­ක­ය­න්ටද වසර 10ක් දක්වා 7% අඩු පොලි­ය­කට මෙලෙස ණය ගත හැකි අතර, ඔවුන්ට ලක්ෂ 250 දක්වා ණයක් ගත හැකි බවද හෙට්ටි­ආ­රච්චි මහතා කීය. ඒ සඳහා වස­රක ණය ආපසු ගෙවීමේ සහන කාල­යක්ද හිමිවනු ඇත.