
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බැංකු ඇතුළු මූල්‍ය ආයතනවලින් ණය ගෙන, ඒ ණය ගෙවාගත නොහැකිව සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට බැංකු 15ක් ඔස්සේ ලක්ෂ 150ක් දක්වා ණය පහසුකම් සැපයීම මේ වන විටත් ආරම්භ කර ඇතැයි මුදල්, ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මංජුල හෙට්ටිආරච්චි පවසයි.
ඒ යටතේ ණය ආපසු ගෙවීමට මාස 6ක සහන කාලයක්ද සහිතව වසර 5ක් දක්වා වන කාලයක් හිමි වනු ඇත. අයකරනු ලබන පොලී අනුපාතය 8%ක් පමණක් බවද හෙට්ටිආරච්චි කීවේය.
මේ සඳහා ලංකා බැංකුව, මහජන බැංකුව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, කොමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, ජාතික සංවර්ධන බැංකුව, සෙලාන් බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, ඩීඑෆ්සීසී, සණස සංවර්ධන බැංකුව, පෑන් ඒෂියා බැංකුව, යූනියන් බැංකුව, කාර්ගිල්ස් බැංකුව හා රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව හරහා මේ ණය පහසුකම් සලසාගත හැකිය. මෙහි විශේෂත්වය වන්නේ ඇප ලෙස ඉඩම් ඇතුළු දේපළ ලබාදීමෙන් තොරව ණය ලබාගත හැකි වීමයි.
එමෙන්ම මින් පෙර බැංකු ණය ගෙන, එම ණය ගෙවා ඇති හෝ නිසි ලෙස ගෙවමින් සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ටද වසර 10ක් දක්වා 7% අඩු පොලියකට මෙලෙස ණය ගත හැකි අතර, ඔවුන්ට ලක්ෂ 250 දක්වා ණයක් ගත හැකි බවද හෙට්ටිආරච්චි මහතා කීය. ඒ සඳහා වසරක ණය ආපසු ගෙවීමේ සහන කාලයක්ද හිමිවනු ඇත.(සිළුමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart