
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගල්කිස්ස උසාවිය භූමියේ සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රශ්නගතව සිටින නීතිඥ ගුණරත්න වන්නිනායක ගල්කිස්ස මූලස්ථානය පොලිස් ස්ථානයට කැදවා ඇති බව වැඩබලන පොලිස්මාධ්‍ය ප්‍රකාශක මිනුර රශාන්ත සෙනරත් පවසයි.
මේවන විට සමාජ ජාලා තුළ උණුසුම් සාකච්ඡාවක් මෙම සිදුවීම සම්බන්ධයෙන් නිර්මාණය වී ඇති අතර, එම සංවාදයට එක්වෙමින් වැඩබලන පොලිස්මාධ්‍ය ප්‍රකාශකවරයා සිය ෆේස්බුක් ගිණුමේ වැඩිදුරටත් මෙසේ සඳහන් කර ඇත.
පහතින් දැක්වෙන්නේ එන සටහනයි:
“ගල්කිස්සේ උසාවි භූමියේදී පෙරේදා වූ සිදු සම්බන්ධව විවිධ පාර්ශවයන්ගේ විවිධ අදහස් ඇත. මුල් අවස්ථාවේදී පොලිස් නිලධාරියා රිමාන්ඩ් වීම දක්වා වූ ක්‍රියාවලිය සම්බන්ධව,පොලිස්පතිතුමාගේ නියමයෙන් විශේෂ විමර්ශන ඒකකය මගින් විමර්ශනයක් ආරම්භ කර ඇත. ඒ වගේම එම ස්ථානයේ පොලිස් රාජකාරීයට සාපරාධි බලහත්කාරය පෑම,සාපරාධි බිය ගැන්වීම හා බැන තර්ජනය සිදුකරන ලද නීතිඥවරයා සම්බන්ධවත් විමර්ශනයක් ආරම්භ කර ඇත.ඔහුගේ ක්‍රියාවන් සම්බන්ධවත් සාක්ෂි ලෙස විඩීයෝ දර්ශන හා ප්‍රකාශ ලබාගෙන ඇත.
එමෙන්ම අද දිනයේදී එම නීතිඥවරයා ගල්කිස්ස මූලස්ථානය පොලිස් ස්ථානයට කැදවීමක් කර ඇත. ඒ වගේම නිලධාරියාගේ රැකියාව සම්බන්ධව ගැටලුව නැත ඔහුගේ රැකියාව සුරක්ෂිතයි. නිලධාරියාට අවශ්‍ය නීතී සහය ලබා දිමද හෙට දියයේදී සිදු වනු ඇත.
මෙම සිදුවීමේදි සමස්ත පොලිසිය වෙනුවෙන් හිටගත් සියලුම ශ්රීලාංකිකයින්ට මාගේ හද පිරි ස්තුතිය පුද කරමි.එමෙන්ම මෙම සිද්ධිය අලලා බොරදියේ මාලු බාන පිරිසක් සිටිති. එනම් පොඩි නිලධාරින් සම්බන්ධව සොයාබලන්නේ නැහැ. පොඩි නිලධාරීන්ට ගරහන ආයනතයක් බව ඒත්තු ගන්නවා සාතිශය බහුතරයක් වූ එම නිලධාරින්ගේ ආකල්ප බිදදැමීමත් උත්සහයක් ඇත. ඇතමුන් කිඹුල් කදුලු හෙලන්නේ පොලිසිය සමග ඇති ඇරියස් එක නිසා බව එම අදහස් වලින්ම පැහැදිලි වේ.අපේ නිලධාරීන් කිසිම හේතුවක් නිසා කලකිරීමට පත්විය යුතු නැත.බොහෝ අවස්ථාවලදී අපි රාජකාරී සීමාවෙන් එහාට ගොස් අපේ බෙල්ල තබා පොඩි නිලධාරීන් බේරා ගත් අවස්ථා එමට ඇත.එහෙයින් ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධව අපි වගකියනු ඇත.එබැවින් මෙම සිදුවීම අලලා සමස්ත පොලිසියේ අභ්‍යන්තර බිදදැමීමට ඇතමුන් ගන්නා උත්සහය සම්බන්ධව කණගාටු වෙමි.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart