
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය 2025 ඔක්තෝබර් සිට 2027 සැප්තැම්බර් දක්වා ශ්‍රී ලංකා වගවීමේ ව්‍යාපෘතියට අරමුදල් සැපයීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 3.8 ක් අපේක්ෂා කරයි.
මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය (OHCHR) යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හෝ අන්තර්ජාතික මානුෂීය නීතිය බරපතළ ලෙස උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් අනාගත වගවීමේ ක්‍රියාවලීන් සඳහා විය හැකි උපාය මාර්ග සංවර්ධනය කිරීම සඳහා සාක්ෂි රැස් කිරීමේ යාන්ත්රණයකි.
ජිනීවා පදනම් කරගත් වගවීමේ ව්‍යාපෘතිය 2021 දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල යෝජනාව යටතේ පිහිටුවන ලද්දකි.
ඔක්තෝබර් 6 වැනි දින ශ්‍රී ලංකාව පිළිබඳ නව යෝජනාව සම්මත වීමෙන් පසුව එහි වරම තවත් වසර දෙකකට දීර්ඝ කෙරිණි.
මෙම යාන්ත්‍රණය ආරම්භයේ සිටම අනුප්‍රාප්තික ශ්‍රී ලංකා රජයන් විසින් ප්‍රතික්ෂේප කර ඇත.
මෙම ව්‍යාපෘති වියදම් ගමන් වියදම්, නව බඳවා ගැනීම්, මෙහෙයුම් අතරතුර දේශීය අර්ථ නිරූපණයට අදාළ කොන්ත්‍රාත් සේවා, චන්ද්‍රිකා රූප/විශ්ලේෂණ ආදිය ආවරණය කිරීම සඳහා වන බව එක්සත් ජාතීන්ගේ අයවැය කාර්යාලය විසින් මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කරන ලද ලේඛනයක සඳහන් වේ.
සඳුදා කෙටුම්පත් යෝජනාව සළකා බැලූ අවස්ථාවේ ශ්‍රී ලංකා තානාපතිනි හිමාලි අරුණතිලක, මානව හිමිකම් පිළිබඳ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය තුළ මෙම ව්‍යාපෘතිය ස්ථාපිත කළ ආකාරය, එහි කටයුතු සහ ඒ සඳහා වෙන් කරන ලද අයවැය පිළිබඳ විශ්වසනීයත්වය සහ විනිවිදභාවය පිළිබඳව ප්‍රශ්න කළාය.
“වසර හතරකට පසුවත්, තවමත් ශ්‍රී ලංකාවේ ජනතාවට මෙම ව්‍යාපෘතියෙන් කිසිදු ප්‍රතිලාභයක් මෙම කවුන්සිලය දැක නැහැ,” යනුවෙන් ඇය පැවසුවාය.
ශ්‍රී ලංකාවට සහාය දක්වමින් කතා කළ කියුබාවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල නියෝජිතයා ද ව්‍යාපෘතියේ නීත්‍යනුකූලභාවය පිළිබඳ ප්‍රශ්න කළ අතර, 2021 සිට එහි කටයුතු සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 15ක් වෙන් කර ඇති නමුත් මෙතෙක් කිසිදු ප්‍රතිඵලයක් දැක නොමැති බව පැවසීය.
ශ්‍රී ලංකා වගවීමේ ව්‍යාපෘතිය පවසන්නේ එහි ගබඩාවේ ආයතන 530කට වැඩි ගණනකින් ලබාගත් අයිතම 101,000කට වඩා ඇති බවත්, ශ්‍රී ලංකාවේ වගවීම සම්බන්ධයෙන් සාක්ෂිකරුවන් 300කට අධික සංඛ්‍යාවක් සහ සංවිධාන 230කට අධික සංඛ්‍යාවකගේ දායකත්වයන් ඇතුළත් බවත්ය.
“ගබඩාවේ අඩංගු තොරතුරු උපයෝගී කරගනිමින්, ශ්‍රී ලංකා වගවීමේ ව්‍යාපෘතිය විසින් බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අපයෝජන සහ විය හැකි අන්තර්ජාතික අපරාධ සම්බන්ධයෙන් වගකිව යුතු යැයි කියන පුද්ගලයන්ගේ පැතිකඩ සකස් කර ඇති අතර ගැටුමට සම්බන්ධ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන පිළිබඳ ව්‍යුහාත්මක දළ විශ්ලේෂණයක් නිර්මාණය කර ඇත,”යනුවෙන් ශ්‍රී ලංකා වගවීමේ ව්‍යාපෘතිය පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart