
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආරක්ෂාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරුන් කරන ඉල්ලීම් සලකා බැලීමට රජය විවෘත බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.
ජනාධිපති හිමිකම් (අවලංගු කිරීමේ) පනත හඳුන්වා දී තිබියදීත්, හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සහතික කිරීමට රජය කැපවී සිටින බව අද පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍ය විජේපාල පැවසීය.
“පනත සම්මතවීමෙන් පසු හිටපු ජනාධිපතිවරුන්ට ලබා දී තිබූ වරප්‍රසාද කිහිපයක් ඉවත් කර තිබෙනවා. හිටපු ජනාධිපතිවරුන් කිහිපදෙනෙක් දැනටමත් නිවාස සහ වාහන වැනි ඔවුන්ට ලැබුණු ඇතැම් ප්‍රතිලාභ භාර දීලා” ඔහු සඳහන් කළේය.
කෙසේවෙතත්, ආරක්ෂක සාධකය ජනාධිපති හිමිකම් (අවලංගු කිරීමේ) පනතට අයත් නොවන බව අමාත්‍ය ආනන්ද විජේපාල තවදුරටත් පැහැදිලි කළේය.
“එමනිසා, සමහර හිටපු ජනාධිපතිවරුන් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා භාවිතා කළ වාහන ආපසු ලබා දී තිබෙනවා. පනත යටතේ සමහර වරප්‍රසාද ඉවත් කර ඇතත්, ඔවුන්ගේ ආරක්ෂාව සහතික කිරීමට රජය කැපවෙනවා. අවශ්‍ය නම්, ඔවුන්ට වාහන ඇතුළු ආරක්ෂාව සම්බන්ධයෙන් ඉල්ලීමක් කළ හැකියි. එවැනි ඉල්ලීම් සලකා බැලීමට රජය සූදානම්,” අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart