
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොළොන්නරුව ඓතිහාසික සෝමවතී පුදබිමේ ඉදිකෙරුණු පුරාවිද්‍යා කෞතුකාගාරය සහ අන්තර්ජාතික පුරාවිද්‍යා පර්යේෂණ ආයතනය ජනාධිපති අනුර කුමාර දිසානායක අතින් අද (06) පෙරවරුවේ විවෘත කෙරිණි.
සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දකුණු දළදා වහන්සේ වැඩ වසන පොළොන්නරුව ඓතිහාසික සෝමවතී චෛත්‍යය වැඳපුදා ගැනීමට ලොව නන් දෙසින් පැමිණෙන සහ අධ්‍යාපනික පර්යේෂණ කටයුතුවල යෙදෙන සියලුදෙනාගේ පහසුව පිණිස මෙම පුරාවිද්‍යා කෞතුකාගාරය සහ අන්තර්ජාතික පුරාවිද්‍යා පර්යේෂණ ආයතනය ඉදිකර තිබේ.
ඓතිහාසික සෝමවතී රජමහා විහාරාධිපති මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ ලේඛකාධිකාරි ආචාර්ය අතිපූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි රත්න සමූහ ව්‍යාපාරයේ සභාපති දේශමාන්‍ය මිත්‍රපාල ලංකේෂ්වරගේ පූර්ණ ධන පරිත්‍යාගයෙන් ඉදිකෙරුණු මෙම දෙමහල් මන්දිරය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සැලසුම් සහ අධික්ෂණය යටතේ ඉදිකර ඇත.
ඓතිහාසික සෝමවතී පුදබිම වෙත අද (06) පෙරවරුවේ ගිය ජනාධිපතිවරයා චෛත්‍යය අභියස ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය.
අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර පුරාවිද්‍යා කෞතුකාගාරය සහ අන්තර්ජාතික පුරාවිද්‍යා පර්යේෂණ ආයතනය සමන්විත නව දෙමහල් මන්දිරය විවෘත කළ ජනාධිපතිවරයා එහි තැන්පත් කර ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේ සහ සධාතුක කරඬුව වෙත ප්‍රථම පුෂ්පෝපහාරයද සිදු කළේය.
රත්න සමූහ ව්‍යාපාරයේ සභාපති දේශමාන්‍ය මිත්‍රපාල ලංකේෂ්වර විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත සිහිවටන තිළිණයක්ද පිළිගැන්වීය.
මෙම උත්සව සභාව ඇමතූ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි සඳහන් කළේ මහඟු පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් සෝමවති චෛත්‍යරාජයාණන් වහන්සේ පිළිබඳ ඉතිහාසයට පිවිසීමේ කවුළුවක් බවට මෙම නව පුරාවිද්‍යා කෞතුකාගාරය සහ අන්තර්ජාතික පුරාවිද්‍යා පර්යේෂණ ආයතනය පත්වනු ඇති බවයි.
විද්‍යාව සහ තාක්ෂණය සමග මුසු වූ විධිමත් සංවර්ධන සැලැස්මක ප්‍රතිඵලයක් ලෙස ඓතිහාසික සෝමවති පුදබිම ශ්‍රී ලංකාවාසී සහ ලෝකවාසී ජනතාවට දායාද කිරීමේ වැඩපිළිවෙළ ඉටු කරන බවද අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් පැවසීය.
ඓතිහාසික සෝමවතී රජමහා විහාරාධිපති මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ ලේඛකාධිකාරි ආචාර්ය අතිපූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයද, උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස, නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් යන මහත්වරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු මහජන නියෝජිතයෝද, රත්න සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා මානෙල් දීපානි ගමගේ සහ දායක සභාවේ සාමාජිකයෝ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart