
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දරුවන්ට ශාරීරික දඬුවම් තහනම් කිරීමට උත්සාහ කරන දණ්ඩ නීති සංග්‍රහයේ යෝජිත සංශෝධනයට එරෙහිව ජාතික නිදහස් පෙරමුණ අද බත්තරමුල්ලේ අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක් සංවිධාන කර තිබිණි.
ඒ සඳහා එක්ව සිටි විරෝධතාකරුවෝ නීති කෙයුම්පත හෙළාදකිමින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එයට පක්ෂව ඡන්දය නොදෙන ලෙස අනතුරු අඟවන පුවරු රැගෙන ගියහ.
වත්මන් ආණ්ඩුව ‘පාසල් විනය අඩපණ කරන’ බවට විරෝධතාකරුවන් චෝදනා කළ අතර, ඔවුන් පැවසුවේ මෙම නීති සංශෝධනය විසින් දරුවන් හික්මවීම සඳහා ‘දෙමාපියන් සහ ගුරුවරුන් සිරගෙට යවන’ බවයි.
ඉසුරුපාය පරිශ්‍රය ඉදිරිපිට පැවති විරෝධතාව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීරගේ නායකත්වයෙන් සංවිධන කර තිබිණි.
අධ්‍යාපන අංශයේ ඇතැම් වෘත්තීය සමිති නියෝජිතයින් ද මෙම විරෝධතාවයට එක්ව සිටියහ.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පැහැදිලි කළේ, දණ්ඩ නීති සංග්‍රහයේ 19 වැනි වගන්තිය සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත විවාදයට ගෙන ඇති නමුත් තවමත් නීතියක් ලෙස ක්‍රියාත්මක කර නොමැති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart