
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ළමුන්ට ශාරීරිකව දඬුවම් කිරීම සම්බන්ධව (19 වැනි අධිකාරය වු) දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන කිරීම සඳහා වු පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පාර්ලිමේන්තුවේදී පැවත්වුවා මිස එය පාර්ලිමේන්තුව මඟින් නීතියක් ලෙස සම්මත කර නොමැති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ, හර්ෂණ නානායක්කාර පවසයි.
ළමුන්ට ශාරීරිකව දඬුවම් කිරීම සම්බන්ධව (19 වැනි අධිකාරය වු) දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත සංශෝධනය සම්බන්ධයෙන් ජනමාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් අධිකරණ අමාත්‍යවරයා මේ බව සඳහන් කරයි.
අදාළ නිවේදනය මෙසේය.
‘ඉහත සඳහන් කළ දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පසුගිය සැප්තැම්බර් 24 වැනිදා පවත්වන ලදී. එහෙත් අදාළ පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයක් පැවැත්වුවා මිස එය නීතියක් ලෙස සම්මත කර ගැනීමකින් තොරව කල්තැබු අතර, අදාළ පනත් කෙටුම්පත සම්මත කරනු නොලැබුවේ එම සංශෝධනය බලාත්මකවීමට නම් ඊට සමානව අපරාධ නඩු විධි විධාන සංග්රහයේද සංශෝධනයක් සිදු විය යුතු බැවිනි.
මෙම පනත් කෙටුම්පත මෙතෙක් නීතියක් ලෙස සම්මත කර නොමැති අතර, මේ සඳහා සංශෝධන ඉදිරිපත් කළ යුතු නම් අදාළ සංශෝධන පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේ ඉදිරිපත් කිරීමේ හැකියාව පවතියි.
ළමුන්ට ශාරීරිකව දඬුවම් කිරීම සම්බන්ධව දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා වු පනත මේ දක්වා නීතියක් බවට පත්ව නොමැති බව අධිකරණ අමාත්‍යවරයා සිය නිවේදනයෙන් වැඩිදුරටත් අවධාරණය කර සිටියි.’
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart