
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ මහ නගර සභාව (CMC) ඇතුළු අදාළ බලධාරීන් බේරේ වැවේ ජල ගුණාත්මකභාවය සාමාන්‍ය වැවකට සමාන මට්ටමකට වැඩිදියුණු කිරීම සඳහා වැඩසටහනක් සැලසුම් කර තිබේ.
ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය කාලය ආයෝජන පරිමාණය සහ අවශ්‍ය ඉඩම් ප්‍රමාණය අනුව තීරණය වනු ඇත.
කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය නාගරික කොමසාරිස් (ඉංජිනේරු සේවා) ආර්.ඩී.එස්. රෝහණ පවසන්නේ වැවේ ජලය පානය කළ නොහැකි වුවද, අවම වශයෙන් ස්නානය සහ රෙදි සේදීම වැනි අරමුණු සඳහා භාවිත කළ හැකි තත්ත්වයකට වැව ප්‍රතිසංස්කරණය කිරීම අරමුණ බවයි.
“විශේෂිත යන්ත්‍රෝපකරණ සමඟ වැඩිදියුණු කිරීම් සිදු කිරීම සඳහා විශාල ආයෝජනයක් සහ යම් භූමි ප්‍රමාණයක් අවශ්‍ය වෙයි. ඊට අමතරව, බේරේ වැව වැඩිදියුණු කිරීම සඳහා උනන්දුවක් දක්වන ආයෝජකයන්ගෙන් විවිධ යෝජනා ලැබී තිබෙනවා. අපි එවැනි යෝජනා ද සළකා බලමින් ඉන්නේ. ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව ද මෙම කටයුතු සඳහා සම්බන්ධ වී සිටිනවා,” යනුවෙන් ඔහු තවදුරටත් පැවසීය.
මීට පෙර අවස්ථාවක, බේරේ වැව පිරිසිදු කිරීම සඳහා ඒකාබද්ධ වැඩසටහනක් දැනටමත් දියත් කර ඇති බවත් මේ වන විට සැළකිව යුතු දියුණුවක් ඇති බවත් රෝහණ පැවසීය.
ඔහුට අනුව, මෙම වැඩසටහන අධීක්ෂණය කිරීම සඳහා විශේෂ කාර්ය සාධක බලකායක් පත් කර ඇති අතර, එහිදී කොළඹ මහ නගර සභාව සහ තවත් පාර්ශ්වකරුවන් කිහිප දෙනෙකු එක්ව කටයුතු කරයි.
වැවෙන් පිටවන දැඩි දුර්ගන්ධය හෝටල්, ව්‍යාපාර සහ ප්‍රදේශයේ පදිංචිකරුවන්ට බරපතළ ගැටළුවක් වී ඇති බවත්, සමහර ආයතන වසා දැමීමට පවා බල කෙරී ඇති බවත් වාර්තා වීමෙන් පසුව හදිසි ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව ඉස්මතු විය.
බස්නාහිර පළාත් ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියට පැමිණිලි රාශියක් ලැබී ඇති බවත් කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන පියවරයන් සමඟ පුළුල් පිරිසිදු කිරීමේ සැලැස්මක් දැන් ක්‍රියාත්මක වන බවත් රෝහණ පැවසීය.
සියවසකට පෙර වර්ග කිලෝමීටර් 1.65ක් පමණ ආවරණය වූ මධ්‍යම කොළඹ පිහිටි, මිනිසා විසින් සාදන ලද ජල කඳක් වන බේරේ වැව එතැන් සිට වර්ග කිලෝමීටර් 0.65ක් දක්වා හැකිලී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart