
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ රිලාගහනය වැඩි වීම ගොවිතැනට මෙන් ම සමාන්‍ය ජන ජීවිතයට ද දැඩි බලපෑම් එල්ල කර තිබේ.
එම තත්ත්වය පාලනය කිරීමට බලධාරීන් විවිධ උපක්‍රම යෙදුව ද ඉන් ගැටලුවට සාර්ථක විසඳුමක් ලැබුණ බවක් පෙනෙන්නට නැත.
එවන් වතාවරණයක් තුළ රිලවුන් අතර පැතිර යන සම්ප්‍රේෂණය වන රෝගයක් පිළිබඳව පශු වෛද්‍ය කණ්ඩායමක් හඳුනාගෙන තිබේ.
රිලාගහනය වැඩි වීමෙන් ජන ජීවිතයට බලපෑම් එල්ල වෙමින් ඇති වටපිටාවක ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයක් සහිත රිලවුන් හමුවීම ජනතාවට බලපෑම් කළ හැකි ආකාරය මෙන් ම මෙම රෝගයේ විස්තර පිළිබඳව බීබීසි සිංහල සේවය විසින් කරුණු සොයා බලන ලදී.
“මේ බැක්ටීරියාව පරිසරයෙන් එයාලට ගියා වෙන්න පුළුවන්. සත්තු කියන්නේ ඔය වගේ වෛරස්, බැක්ටීරියාවලට සෝර්ස් එකක් නේ. ඒවා සාමාන්‍යයෙන් ඒගොල්ලෝ ගාව තියෙන්නත් පුළුවන්. සමහර වෙලාවට ප්‍රතිශක්තිය අඩු වැඩි වෙනකොට ඒවා මතු වෙලා එන්න පුළුවන්,” යැයි නැගෙනහිර කලාපය භාර පශු වෛද්‍ය නිලධාරි වෛද්‍ය නිහාල් පුෂ්පකුමාර පැවසීය.
මිනිසුන් සහ ප්‍රයිමේට් සතුන්ට පමණක් උපදංශය හෙවත් සිපිලිස් රෝගය ආසාදනය වන බව ද වෛද්‍යවරයා කියා සිටියේ ය.
2023 වසරේ සිට සිපිලිස් ආසාදනය වූ රිලවුන් හමුවී ඇති බව පැවසූ වෛද්‍ය නිහාල් පුෂ්පකුමාර රෝගී රිලවුන් හමුවූ ප්‍රදේශ පිළිබඳව ද සඳහන් කළේ ය.
“අපිට 2023 හම්බ වුණා අම්පාරෙන්, ගිරිතලෙන්. 2024 හම්බ වුණා පොලොන්නරුවෙන් සහ ත්‍රිකුණාමලයෙන්,” ඔහු පැවසුවේ ය.
2025 වසරේදී සෑම ප්‍රදේශයක ම පරීක්ෂා නොකළ නමුත් ඇතැම් ප්‍රදේශවලින් ආසාදිත රිලවුන් හමු වූ බව ඔහු පැවසීය.
“පොළොන්නරුව පූජා භූමිය ආශ්‍රිතව තමයි පරීක්ෂා කළේ. ගිය සතියේ වගේ රිපෝර්ට් වුණා ඒ වගේ සත්තු මැදිරිගිරිය පැත්තෙත් ඉන්නවා කියලා,” වෛද්‍යවරයා පෙන්වා දුන්නේ ය.
මිනිසුන්හට ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයක් වන සිපිලිස් රෝගය රිලවුන්ගෙන් මිනිසුන්ට බෝ වීමේ අවදානමක් පවතී දැයි බීබීසි සිංහල විසින් පශු වෛද්‍යවරයාගෙන් විමසන ලදී.
“මිනිස්සුන්ට බෝ වීමේ අවදානමක් තියෙනවා, මොක ද සත්තු අතර බෝ වෙන්නෙ ලිංගික සම්ප්‍රේෂණයෙන් වුණාට ඕක බැක්ටීරියා එකක් නෙ. ඒ බැක්ටීරියා තුවාල ස්‍රාවයන්වල තියෙනවා. ඒකේ ගොඩක් ම රිස්ක් එක තියෙන්නේ වෙට් සර්ජන්ලට, ඒ අය නේ ගොඩක් අතපත ගාලා මේ සත්තුන්ට බෙහෙත් කරන්නේ.”
රිලවුන්ට ආහාර දෙන අවස්ථාවලදී හෝ තුවාල ස්‍රාවයන් මිනිසුන්ගේ අත්වල හෝ තුවාලවල තැවරී සිපිලිස් රෝගය ආසාදනය විමේ අවදානමක් ද පවතී.
“මිනිස්සු ඉඳගන්න තැන්වල ඒ සත්තුත් වාඩි වෙනවා එතකොට ඒ තැන්වල ඒ බැක්ටීරියා තිබිලා ශ්ලේෂ්මල පද්ධතිවල තැවරුණොත්, සමහර විට ඒ තැන් අත ගාලා අපි කට, ඇස් අත ගෑවොත් එහෙම යන්න පුළුවන්. අපේ හම මත තුවාල තිබිලා ඒවගේ ගෑවුණොත් එහෙම යන්නත් පුළුවන්,” යැයි වෛද්‍යවරයා පැහැදිලි කළේ ය.
ඇතැම් විට මෙම රෝගය සතුන්ගෙන් මිනිසුන්ට මෙන් ම මිනිසුන්ගෙන් සතුන්ට ද ආසාදනය වීමේ හැකියාවක් පවතින බව පශු වෛද්‍යවරයා පැවසීය.
කෙසේ වෙතත්, රිලවුන් ආශ්‍රිතව සිපිලිස් රෝගය විශාල වශයෙන් පැතිර යාමේ අවදානමක් මතුව නැති බවත් නැගෙනහිර කලාපය භාර පශු වෛද්‍ය නිලධාරි වෛද්‍ය නිහාල් පුෂ්පකුමාර බීබීසි සිංහල සේවය වෙත කියා සිටියේ ය.
තවදුරටත් අදහස් දැක්වූ වෛද්‍යවරයා සඳහන් කළේ රිලවුන් හට වැළඳී ඇති සිපිලිස් රෝගය පිළිබඳව තවදුරටත් පරීක්ෂණ කළ යුතු බව සහ එය මිනිසුන්ට සාමාන්‍යයෙන් වැළඳෙන ප්‍රභේදයමදැයි පරීක්ෂා කළ යුතු බව ය.
උපදංශය හෙවත් සිපිලිස් යනු බැක්ටීරියා ආසාදනයක් වන අතර සාමාන්‍යයෙන් මෙය රෝග ආසාදිතයකු සමග සිදු කරනු ලබන ලිංගික ක්‍රියාකාරකමකින් ආසාදනය වීමේ වැඩි අවදානමක් පවතී.
සිපිලිස් යනු වෛද්‍ය උපදෙස් මත නිසි ප්‍රතිකාර ලබා ගැනීමෙන් සම්පූර්ණයෙන් ම සුව කළ හැකි රෝගයකි.
(උපුටා ගැනීම – BBC සිංහල)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart