
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සිය පුත්‍රයා ජනමාධ්‍ය හමුවේ සිදුකළ ප්‍රකාශ කිසියම් පාර්ශවයක බලපෑම මත සිදුකරන ලද්දක් බව ඝාතනයට ලක්වූ අරුණ විදානගමගේ නොහොත් ‘කජ්ජා’ නමැත්තාගේ භාර්යාව පවසයි.
ඇය මේ බව පවසා ඇත්තේ, හිටපු රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධිය සඳහා ‘කජ්ජා’ නමැත්තා සම්බන්ධ බවට, ඔහුගේ බිරිඳ විසින් සිදුකළ ප්‍රකාශයක් පදනම් කර ගනිමින් පොලිසිය අනාවරණය කිරීමෙන් අනතුරුව, ‘කජ්ජා’ නමැත්තාගේ පුත්‍රයා සිය මවගේ ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම ජනමාධ්‍ය වෙත ද සිදු කර තිබූ ප්‍රකාශයෙන් අනතුරුවය.
එහිදී ඔහු සිය මවගේ ප්‍රකාශ අසත්‍ය බව පැවසූ අතර, ඇයට එරෙහිව ද ප්‍රසිද්ධියේ චෝදනා කිහිපයක් එල්ල කර තිබිණි.
කෙසේවෙතත් පුත්‍රයාගේ ප්‍රකාශ සඳහා ප්‍රතිචාර දක්වමින් ‘කජ්ජා” නමැත්තාගේ බිරිඳ පවසන්නේ පුත්‍රයා එලෙස තමන්ට විරුද්ධව ප්‍රකාශ සිදුකරන්නේ කිසියම් පාර්ශවයක හෝ දේශපාලන බලය මත එල්ල වන බලපෑම් අනුව බවයි.
ඔහු සමාජ මාධ්‍ය ඔස්සේ මවට දොස්පවරමින් තබා ඇති සටහන් ද සිය පුත්‍රයා විසින් තැබූ සටහන් නොවන බව තමන්ට විශ්වාස යැයි ඇය පැවසුවාය.
එමෙන්ම ඇය ඍජුව චෝදනා කළේ කපිල දිසානායක නමැත්තෙකු විසින් හෝ ‘රාජපක්ෂලා’ විසින් සිය පුත්‍රයා මෙහෙයවනවා විය හැකි බවයි.
ඊට දේශපාලන බලපෑම් ද හේතුවක් විය හැකි බව ඇය සඳහන් කළාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart