October 2, 2025

2024 ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ තරුණ සේවා සභාවේ රුපියල් මිලියන 535ක මූල්‍ය වංචාවක් සිදුව ඇති බව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ එවක තරුණ සේවා සභාවේ සභාපතිව සිටි පසිඳු ගුණවර්ධන යන අයට එරෙහිව දූෂණ විරෝධී පනත යටතේ කටයුතු කිරීමට ප්‍රමාණවත් කරුණු අනාවරණය නොවූ බැවින් ඉදිරි කටයුතු සිදුනොකිරීමට කොමිෂන් සභාව තීරණය කර ඇති බව දැනුම් දී ඇතැයි අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ කමන්ත තුෂාර ජනමාධ්‍ය වෙත පවසා ඇත.

ස්මාර්ට් යූත් අවුරුදු උත්සවය, ස්මාර්ට් යූත් සංගීත ප්‍රසංගය ඇතුළු වැඩසටහන් කිහිපයකින් මිලියන 535ක මූල්‍ය වංචාවක් සිදුකර ඇති බවට 2025 පෙබරවාරි 30 වැනිදා කෝප් කමිටුවේදී චෝදනා එල්ල වී තිබූ බවද කමන්ත තුෂාර සඳහන් කර තිබේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ කැබිනට් මණ්ඩලය සාපරාධී සාවi මුදල් පරිහරණය සිදුකර මහජන මුදල් අවභාවිතය සිදුකර ඇති බැවින් ඒ සඳහා කඩිනම් පරීක්ෂණයක් සිදුකරන ලෙස අල්ලස් කොමිසමෙන් තමා ඉල්ලා තිබූ බවද කමන්ත තුෂාර තවදුරටත් පවසා ඇත.