
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මුහුදු මාර්ගය හරහා රහසිගතව, තීරුබදු නොගෙවා මෙරටට ගෙන්වන ලද බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට පත්ව ඇත.
විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක් විසින් 2023.07.09 වන දින දුන්ගල්පිටිය පොලිස් වසමේ අංක 33, තලාහේන, මීගමුව ලිපිනයේ පිහිටි නිවස පිටුපස වගුරුබිම් ප්රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහිදී බීඩි නිෂ්පාදනයට යොදා ගන්නා ලද කිලෝ 531, ග්රෑම් 800 ක් බර බීඩි කොල තොගයක් තීරු බදු නොගෙවා මුහුදු මාර්ගය හරහා නීති විරෝධී අයුරින් මෙරටට ගෙන්වන ලද මැදපිටිවන, මීගමුව ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 29 ක් වන පුද්ගලයකු සහ එයට ආධාර අනුබල දුන් දුන්ගල්පිටිය, තලාහේන ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 44 ක් වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම පුද්ගලයන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දුන්ගල්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
එසේම අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර බාස්මතී හාල් කිලෝ 90 ක්, බෝට්ටුවක් සහ අශ්වබල 40 මෝටර් බෝට්ටු ඇන්ජිමක් ද නිලධාරීන් භාරයට ගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart