
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගිය මාස 12 තුළ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් දේශීය ගමන් සහ නවාතැන් සඳහා කරන ලද වියදම් සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් (RTI) පනත යටතේ යූ ටියුබ්කරුවෙකු විසින් කරන ලද තොරතුරු ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරීමට තොරතුරු නිලධාරියා ගත් පෙර තීරණය ජනාධිපති ලේකම් කාර්යාලයේ නම් කරන ලද නිලධාරියා විසින් තහවුරු කර ඇත.
යූ ටියුබ්කරු ජිනාත් ප්‍රේමරත්න නමැත්තා විසින් ගොනුකරන ලද අභියාචනයට ප්‍රතිචාර වශයෙන්, නම්කරන ලද නිලධාරියා ප්‍රකාශ කර ඇත්තේ, ඒ සඳහා ලබා දී ඇති පෙර පිළිතුරේ කිසිදු වෙනසක් නොමැති බවයි.
මෙම තීරණය 2025 සැප්තැම්බර් 17 දිනැති ලිපියක් මගින් යූ ටියුබ්කරුට දැනුම් දී තිබිණි.
ජනාධිපතිවරයාගේ දේශීය ගමන් සහ නවාතැන් වියදම් පිළිබඳ තොරතුරු නැවත සලකා බලා නිකුත් කරන ලෙස යූ ටියුබ්කරු ජිනාත් ප්‍රේමරත්න සිය අභියාචනයේදී බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.
එමෙන්ම ඔහු එමගින් පවසා ඇත්තේ තම ඉල්ලීම සම්පූර්ණ පිරිවැය, එකතු කළ මුදල් සහ සංචාර/ස්ථාන වැනි මූල්‍ය වියදම් දත්තවලට පමණක් සීමා වී ඇති බවත්, එමගින් මෙහෙයුම් හෝ ආරක්ෂක සංවේදී තොරතුරු හෙළිනොකරන බවත්ය.
එවැනි වියදම් හෙළිදරව් කිරීම තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනතට පාදක වන විනිවිදභාවයේ මූලධර්මයට අනුකූල වන බවත් ආරක්ෂාවට හානියක් නොවන බවත් ඔහු පැවසීය.
එමෙන්ම සිය අභියාචනයෙන් ඔහු පෙන්වා දී ඇත්තේ මහජන අරමුදල් භාවිත කරන ආකාරය පිළිබඳ දත්ත වෙත මහජන ප්‍රවේශය වගවීම සඳහා අත්‍යවශ්‍ය බවයි.
2025 අගෝස්තු 27 දිනැති ලිපියකින්, ජනාධිපති ලේකම් කාර්යාලයේ තොරතුරු නිලධාරියා යූටියුබ්කරුට දැනුම්දී ඇත්තේ, ඉල්ලා සිටි තොරතුරු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ආරක්ෂක සංවේදී කරුණුවලට සෘජුවම සම්බන්ධ වී ඇති බව යන පදනම මත, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනතේ 5(1)(b)(i) වගන්තිය යටතේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බවයි.(Daily Mirror)
ඒ අනුව එම යූ ටියුබ්කරු විසින් තොරතුරු නිලධාරියාගේ තීරණයට එරෙහිව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනතේ 31(1) වගන්තිය යටතේ මෙම අභියාචනය ගොනු කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart