
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සංවිධානාත්මක පාතාල කණ්ඩායම් සමග එක් වී අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රී සම්පත් මනම්පේරි නමැත්තා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පෑලියගොඩ අපරාධ කොට්ඨාසය වෙත භාරදී ඇත.
සම්පත් මනම්පේරි නමැත්තාට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ඔහුගෙන් වැඩිදුර විමර්ශන කටයුතු කිරීම සඳහා පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ නියෝග මත සැකකරු ඊයේ (24දා) පෑලියගොඩ අපරාධ කොට්ඨාසය වෙත භාර භාරදී තිබිණි.
සැකකාර සම්පත් මනම්පේරි නමැත්තා අධිකරණයට භාර වීමෙන් පසු විමර්ශන කටයුතු සඳහා මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාරදී තිබිණි.
ඒ අනුව සැකකාර මනම්පේරි නමැත්තාට එරෙහිව සිදුකරන විමර්ශන කටයුතු පෑලියගොඩ අපරාධ කොට්ඨාස අධ්‍යක්ෂ රොහාන් ඕලුගලගේ මූලිකත්වයෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා විසින් සිදුකරනු ලබයි.
සැකකාර සම්පත් මනම්පේරි නමැත්තාගෙන් මීට පෙර පෑලියගොඩ අපරාධ කොට්ඨාසය සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී මිද්දෙණිය ප්‍රදේශයේ වළ දමා තිබූ අවි ආයුධ තොගයක් සොයා ගැනීමට හැකිවිය.
සැකකාර සම්පත් මනම්පේරි නමැත්තා අවි ආයුධ ජාවාරම, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු පාතාල අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පුද්ගලයෙකි.
පාතාල කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේ, බැකෝ සමන් ඇතුළු පාතාල නායකයන් රැසක් සමග සමීප සම්බන්ධකම් පවත්වමින් සම්පත් මනම්පේරි දකුණු පළාතේ සිදු වූ අපරාධ ගණනාවකට සම්බන්ධ වූ අයකු බව මේ වන විට අනාවරණය වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart