
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අඩුම ලංසුකරුවන් දෙදෙනා තාක්ෂණික හේතූන් මත නුසුදුස්සන් ලෙස ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව වාහන අංක තහඩු සැපයීම සඳහා වන රුපියල් බිලියන ගණනක රජයේ ටෙන්ඩරයක් මතභේදයට ලක්ව තිබේ.
එමඟින් ඉහළම ලංසුකරුට කොන්ත්‍රාත්තුව ලබාදීමට සිදුව ඇතැයි වාර්තා වන අතර එමගින් රජයට රුපියල් මිලියන 500 කට අධික පාඩුවක් සිදුවිය හැකි බව පැවසේ.
නවතම ඇස්තමේන්තු අනුව රජය විසින් නිකුත් කරන ලද අංක තහඩු නොමැතිව වාහන 200,000 කට අධික සංඛ්‍යාවක් දැනට ධාවනය වන අතර එමඟින් සැලකිය යුතු අවධානමක් සහ ආරක්ෂක ගැටළු මතුව ඇති පසුබිමක මෙම ටෙන්ඩර් ගැටළුව පිළිබඳ වාර්තා වේ.
අඩුම ලංසුකරු වූ ඇක්සස් ඉන්ටර්නැෂනල් (පෞද්) සමාගම සහ දෙවැනි අඩුම ලංසුකරු වූ මෙට්‍රොපොලිටන් ටෙක්නොලොජීස් (පෞද්) සමාගම ඇතුළු ප්‍රතික්ෂේප කරන ලද සමාගම් දෙක ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයට සිය අභියාචනා ගොනුකිරීමෙන් පසුව ප්‍රමාදයන් සහ ටෙන්ඩර් කොන්දේසි වෙනස්වීම් වලින් පිරී තිබූ ප්‍රසම්පාදන ක්‍රියාවලිය මේ වනවිට ඇණහිට තිබේ.
එම සමාගම් අභියාචනා ඉදිරිපත් කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් කමල් අමරසිංහ තහවුරු කර තිබේ.
රජයේ ආරංචි මාර්ග තහවුරු කර ඇත්තේ, මොරටුව විශ්වවිද්‍යාලයේ පරීක්ෂණ වාර්තාවක් මත පදනම්ව ලංසු ප්‍රතික්ෂේප කළ බවයි.
සාම්පල ඇලුමිනියම් තහඩුව අවශ්‍ය තාක්ෂණික සුදුසුකම් සපුරාලීමට අපොහොසත් වූ බව ඊට හේතුව බව ද පැවසේ.
(Daily Mirror)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart