
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජූලි 14වැනිදා ඇරඹෙන ජාතික නිවාඩු සතිඅන්තයේදී ප්‍රංශය තුළ ගිනිකෙළි විකිණීම, ළඟ තබාගැනීම සහ ප්‍රවාහනය තහනම් කර ඇති බව එරට රජය නිවේදනය කරයි.
පොලිසිය විසින් නව යොවුන් වියේ තරුණයකු ඝාතනය කිරීමත් සමඟ ඇති වූ කෝලාහලයෙන් පසු රජය මෙම ආරක්‍ෂිත පියවර ගෙන ඇත.
පසුගිය ජූනි 27 වන දින පැරිස් නගරාසන්නයේ රථවාහන නැවතුමකදී පොලිස් නිලධාරියකු විසින් 17 හැවිරිදි තරුණයකු වෙඩි තබා මරා දැමීමෙන් පසු, ප්‍රංශයේ පුපුරා ගිය නොසන්සුන්තාව අතරතුර ගිනිකෙළි විරෝධතාකරුවන්ගේ ප්‍රධාන ආයුධ අතර විය.
“ජූලි 14 සැණකෙළියේදී මහජන සාමයට බරපතල බාධා ඇතිවීමේ අවදානම වැලැක්වීම සඳහා, ගිනිකෙළි භාවිතය හා ගිනිකෙළි විකිණීම, සන්තකයේ තබා ගැනීම, ප්‍රවාහනය සහ භාවිතය ජූලි 15 දක්වා තහනම් කර ඇත” යනුවෙන් අද(09) එරට නිල ජර්නලයේ ප්‍රකාශයට පත්කරන ලද රජයේ නියෝගයක් මගින් ප්‍රකාශ කෙරී ඇත.
‘බැස්ටිල් දින සැමරුම’ සඳහා සාම්ප්‍රදායික ගිනිකෙළි සංදර්ශන සංවිධානය කරන වෘත්තිකයන්ට හෝ නගර සභාවලට මෙම තහනම බල නොපාන බව ද රජයේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart