
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය දවස් 22ක පිරිමි දරුවකුගේ සිරුර බාරගැනීමට නොහැකි බව, මාපියන් පැවසීම සමඟ බරපතල ගැටලුවක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.
ගම්පහ රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙම දරුවා මියගොස් ඇත.
මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී මියගිය දරුවාගේ මාපියන් පවසා ඇත්තේ දේහය තම දරුවාගේ නොවන බවයි.
මෘත දේහය පරීක්ෂාවට ලක් කළ දෙමාපියන් මළ සිරුර තම දරුවාගේ නොවන නිසා බාරගැනීමට නොහැකි බව පැවසීමෙන් අනතුරුව මෘතදේහය සුරක්ෂිතව මෘත ශරීරාගාරයේ තැන්පත් කර තබන ලෙසට අධිකරණය නියෝග කර ඇත.
මාපියන් DNA පරීක්ෂණයකට යොමු කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකර එම වාර්තාව ලබන 17 වැනිදා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටද එහිදී නියෝග කර තිබේ.
දරුවා උපත ලබා ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ වන අතර පසුව නොමේරූ ළදරු ඒකකයේ සිට ගම්පහ රෝහලට එවා ඇත. එහි ප්‍රතිකාර ලබමින් සිටියදී දරුවා මෙලෙස මියගොස් තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart