
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ව්‍යාජ ඖෂධ ගනුදෙනුවට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනා ඇප මත මුදාහැරීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය ඊයේ (16) නියෝග කළේය.
ඒ රුපියල් ලක්ෂ 5 බැගින් වූ මුදල් ඇප හා ලක්ෂ 50 බැඟින් වූ ශරීර ඇප දෙකක් මතය.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන්ට එරෙහිව නීතිපතිවරයා අද අධිචෝදනා භාරදුන්නේ ය.
ඒ, හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැප් ලෙස හඳුන්වා ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජන රජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444ක් වංක ලෙස ව්‍යපහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙනි.
මහේන් වීරමන්, අමාලි රණවීර සහ ප්‍රදීප් අබේරත්න යන මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාගයට ගැණිනි.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට අමතරව ප්‍රශ්නගත ඖෂධ සමාගමේ හිමිකරු සුදත් ජනක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්යක්ෂ ශාන්තිනී සොලමන්, වෛද්‍ය සැපයුම් අංශයේ ගණකාධිකාරී නෙරාන් ධනංජය, වෛද්‍ය සැපයුම් අංශයේ තොග පාලක සුජිත් කුමාර, සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, විත්තිකරුවන් අතර වේ.
මීට අමතරව වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර හේරත්, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය, සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන සහ ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති විජිත් ගුණසේකරද මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම්කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම නඩුවට අදාළ ලිපි ලේඛන රැගෙන ආවේ කුඩා ලොරි රථයකින්.
රක්ෂිත බන්ධනාගාරගතව සිටින නඩුවේ පළමු විත්තිකරු වන සුදත් ජානක ප්‍රනාන්දු නමැත්තා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
නඩුවේ 9 වැනි විත්තිකරු වන වෛද්‍ය සැපයුම් අංශයේ සේවය කළ ජයනාත් බුත්පිටිය නමැති වෛද්‍යවරයා විවෘත අධිකරණය හමුවේ පෙනීනොසිටි අතර ඔහු වෙනුවෙන් පෙනීසිටි නීතීඥවරයා කියාසිටියේ, විත්තිකරු විදේශගතව සිටින බවයි.
ඒ අනුව සෙසු සැකකරුවන් 11 දෙනාට විවෘත අධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාරදීම සිදුවිය.
අධිචෝදනා පත්‍ර දෙමින් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම විත්තිකරුවන්ට ඇප ලබාදීමට නීතිපතිවරයා විරුද්ධ බව දැනුම්දුන්නේ ය.
විත්තිකරුවන් වෙනුවෙන් පෙනී ටි ජනාධිපති නීතිඥවරුන් වන අනූජ ප්‍රේමරත්න, නලින් ලද්දුවහෙට්ටි, ප්‍රියන්ත නාවාන සහ සරත් ජයමාන්න ඇතුළු නීතිඥ මඩුල්ල විත්තිකරුවන් වෙනුවෙන් වෙන්වෙන්ව ඇප ඉල්ලීම් කළහ.
නීතිඥවරුන් පවසා සිටියේ මහේස්ත්‍රාත් අධිකරණය තුළින් සුවිශේෂි කරුණු සලකා බැලීමෙන් අනතුරුව ඇප ලබා දීම හේතුවෙන් විත්තිකරුවන් මේ අවස්ථාවේ නැවත බන්ධනාගාර ගත කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නැති බවයි.
නීතිපතිවරයා රටේ මහජනතාවත්, වින්දිත පාර්ශවයත් නියෝජනය කරන බැවින් සාධාරණ නඩු විභාගයක් පැවැත්වීම අත්‍යවශය බවත් එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම කියාසිටියාය.
ඇය පෙන්වාදුන්නේ විත්තිකරුවන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඇප ලබාගැනීම සඳහා ඉදිරිපත් කළ කරුණු අද වනවිට වලංගු නැති බවයි.
විත්තිකරුවන් බන්ධනාගාරගත කර එම නඩු විභාගය පැවැත්වීම ප්‍රායෝගික වන්නේදැයි, එහිදී මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න විමසීය.
ඊට පිළිතුරු දෙමින් ලක්මිණි ගිරිහාගම පැවසූවේ, මෙතරම් ලේඛන සංඛ්‍යාවක් තිබෙන එකම නඩුව මෙය නොවන බවයි.
නඩුවේ ලේඛන ප්‍රමාණය විත්තිකරුවන්ට ඇප ලබාදීමට සුවිශේෂි තත්ත්වයක් නොවන බවට ඇය තර්ක කළා ය.
පසුව විනාඩි 10කට අධිකරණ කටයුතු කල්තැබූ විනිසුරු මඩුල්ල පසුව තීරණය ප්‍රකාශයට පත්කරමින් නියෝග කළේ විත්තිකරුවන් 12 දෙනා ඇප මත මුදාහරින බවයි.
පළමු විත්තිකරු වන ප්‍රශ්නගත ඖෂධ සමාගමේ හිමිකරු වන සුදත් ජානක ප්‍රනාන්දු නැමැත්තා අවුරුද්දයි මාස 8 දින 10ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිට අද දින ඇප මත මුදාහැරි අතර ඔහු සියලු ඇප කොන්දේසි සම්පූර්ණ කළ පසු මුදාහරින ලෙස විනිසුරු මඩුල්ල නියෝග කළහ.
නඩුව ඔක්තෝබර් 31 වනදා යළි කැඳවීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart