
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි වන ආකාරයෙන් නීති සකස් කිරීම සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.
ඊට අදාළ කැබිනට් යෝජනාව පහතින් දැක්වේ.
‘ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි ව්‍යවස්ථාව අනුව, ජනතාව කෙරෙහි පිහිටා ඇති පරමාධිපත්‍ය බලය මහජනතාව විසින් 4 වැනි ව්‍යවස්ථාවේ විධිවිධාන පරිදි ඡන්දයේදී ක්‍රියාත්මක කරනු ලැබේ. ඡන්ද බලය, මැතිවරණ නීතිය අනුව ශ්‍රී ලංකාව තුළ වාසය කරන සහ මැතිවරණ නාමලේඛනයේ නම ලියාපදිංචි වී ඇති පුරවැසියන්ට පමණක් සීමා වී ඇත. වත්මන් මැතිවරණ පනත් යටතේ විදෙස්ගත පුරවැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ක්‍රමවේද හෝ ඒ සඳහා නීති සකස් වී නොමැත. එහෙත්, ඉන්දියාව, බංග්ලාදේශය, පිලිපීනය වැනි බොහෝ ආසියාතික රටවල් සිය විදේශගත පුරවැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට හැකිවන පරිදි නීතිමය ක්‍රමෝපායයන් සකස් කර ඇති අතර, ශ්‍රී ලංකාව සඳහා ඒ ආකාරයේ නීතිමය සංශෝධන සිදුකිරීම කාලීන අවශ්‍යතාවක් බවට හඳුනාගෙන ඇත. ඒ අනුව, විදෙස්ගත පුරවැසියන්ගේ ඡන්ද අයිතිය ආරක්ෂා කර දීම සඳහා පවත්නා නීති සංශෝධනය කිරීමට හෝ නව නීති සකස් කිරීමට අදාළ කරුණු අධ්‍යයනය කිරීම පිණිස මැතිවරණ කොමිෂන් සභාව, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සහ අනෙකුත් අදාළ අමාත්‍යාංශවල සහ ආයතනවල නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් පත්කිරීම පිණිස රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා විසින් පියවර ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දෙන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart