
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොටුව බස් ස්ටෑන්ඩ් එක නවීකරණය කරන උත්සවය වෙලාවේ ප්‍රසිඩන්ට් ඉන්න රිලැක්ස් මෝඩ් එකේ ලල් එකක් තියනවා. අර දම්රෝ වගේ මේසෙට හේත්තුව දීල ඉන්නකොට පොර නැචුරල්. ඇත්තටම සාමාන්‍ය මනුස්සයෙක් ඉන්න විදිය. ෆොටෝ එකට ඉන්න නොදන්නා කෙනෙක් නොවුනත් මේකෙ මට ස්වභාවික ගතියක් තියනවා.
ඒ කොහොම උනත් එයාට එහෙම බරක් නැතුව ඉන්න හේතු ගොඩක් තියනවා. එකක් තමයි ජනධිපති වරප්‍රසාද කැපිල්ල එක්ක එයාගේ වරප්‍රසාදත් කැපුණා. ඒ බර අහවරයි. අනික තමයි කොළඹ පැක් වෙලා හිටපු කලින් ජනාධිපතිවරු සෙට් එක ඒ ඒ අයගේ මුල් නිවාස වෙත යවපු එක. ඒ බරෙනුත් රට නිදහස්.
මහින්ද මහත්තයාට නම් කොළඹ ගෙදරක් තියනවා කියලත් කතාවක් යනවා. මටත් එහෙම නිකම් හිතනවා. එහෙමනම් අර මැදමුලන ගිය නාට්‍යය එහෙම පිටින්ම ෆික්ෂන් එකක්. ප්‍රබන්ධයක්.
කලින් සෙට් එකට දුන්න ප්‍රෙෂර් එක ගත්තම මේ ආණ්ඩුව කොහොමටත් පීචo ආණ්ඩුවක් නෙවෙයි. කලින් සෙට් එක කියනවා අපි ආවොත් මේ වරප්‍රසාද ආයිත් දෙනවා කියලත්.
කොහොම උනත් අපිත් හැමදාම පාවිච්චිකරන පොදු ප්‍රවාහනය පැත්තෙන් සිදුවෙන ඉතාම ධනාත්මක වෙනස්වීම් ගැන කතානොකර ඉන්න එක කුහකකමක්. කාටවත් මෙල්ල කරගන්න බැරිවෙච්ච පුද්ගලික බස් ටික දැන් පොඩ්ඩ පොඩ්ඩ මෙල්ල වෙමින් යනවා. විශේෂයෙන් ඇල්ල පතබෑවීම එක්ක. සරුව පිත්තල කෑලි ගලවනවා. කැසට් දාන්නේ හෙමිහිට. ඒ වගේ සැලකියයුතු වෙනස්වීම් වෙමින් යනවා. පොලිසිය ඇලට් එකේ ඉන්නවා. මේවා කාටවත් කරන්න බැරිවෙච්ච දේවල්. මේවා දැන් එදිනෙදා ජීවිතයේ අපි දකින දේවල්.
අනික තමයි ෆාමසි ටික දැන් නියාමනය වෙමින් යනවා. තැන් තැන් වල අටවාගෙන හිටපු ෆාමසිස්ට්ල නැති ෆාමසි වහල තියනවා.
ඒ වගේ ගොඩක් තැන්වල නීතිය යම් ප්‍රමාණයකට ක්‍රියාත්මක වෙනවා. අලුත් නීති නෙවෙයි. ඇත්තටම තිබ්බ ඒවා.
ඒ කියන්නේ ධනවාදය තිබ්බ උනත් රට පිස්සු වැටිලා තිබ්බේ මේ නියාමනය නොතිබ්බ නිසා. දැන් රටේ යම් ප්‍රමාණයකට ඒ නීති රීති ක්‍රියාත්මක වෙන්න හදනවා. වැඩේ තවම අවසන් නැහැ. ඒ ආරම්භක අර්ථයෙන් මෙයාල පීචo නැහැ.
කලින් සෙට් එක බැරිවෙලා හරි ආපහු ආවොත් නම් මේ ඔක්කොම සුනේ සුං. ආයේ ඉස්කෝල ළමයින්ගේ බෑග්වල අයිස් හොයන කාලෙට යනවා. එතකොට ආයෙත් අපි පීචo.
මෙයාලගේ අවුල් නැහැ කියල මම කිසිසේත් කියන්නේ නැහැ. ඒත් ආපහු හැරෙන්න බැහැ.
– මහේෂ් හපුගොඩගේ ෆේස්බුක් පිටුවෙන්
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart