
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට ජනාධිපති රනිල් වික්‍රමසිංහවිසින් තවත් මාස තුනක සේවා දිගුවක් ලබාදී ඇති බව පොලිස් මූලස්ථානයේ ආරංචි මාර්ග පවසයි.
සී.ඩී. වික්‍රමරත්න පොලිස්පතිවරයාගේ ධූර කාලය දීර්ඝ කිරීම් දෙකක් ලබාගැනීමෙන් පසු මේ වසරේ ජූනි 26 වැනිදායින් අවසන් විය.
සතියකට වැඩි කාලයක් පොලිස්පතිවරයෙකු නොමැතිව ශ්‍රී ලංකා පොලිසිය ක්‍රියාත්මක වන බවත්, එම තනතුරට සුදුසු ආදේශකයක් සොයා ගැනීමට ජනාධිපතිවරයාට නොහැකි වී ඇති බවට විපක්ෂයෙන් එල්ලවන කනස්සල්ල සහ විවේචන හේතුවෙන් ජනාධිපතිවරයා විසින් ඔහුගේ ධූර කාලය යළි දීර්ඝ කළ බව වාර්තා සඳහන් කරයි.
ඉදිරි පැය 48 තුළ නව පොලිස්පතිවරයා ජනාධිපතිවරයා විසින් නම් කරනු ඇති බව අගමැති දිනේෂ් ගුණවර්ධන ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
වත්මන් ජ්‍යෙෂ්ඨතා ලැයිස්තුවට අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) නිලන්ත ජයවර්ධන, වයඹ පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එල්. පතිනායක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (බස්නාහිර පළාත) දේශබන්දු තෙන්නකෝන් සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ යන නිලධාරීහු පොලිස්පති ධූරය සඳහා තරගවදිති.
(Daily Mirror)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart