
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හැටන්-බගවන්තලාව ප්රධාන මාර්ගයේ නෝර්වුඩ් නෙවෙලිගම ප්රදේශයේ අද (12) උදෑසන සිදුවූ අනතුරකින් පෙර පාසල් ළමුන් හය දෙනෙකු සහ ගුරුවරියක් තුවාල ලබා තිබේ.
පෙ.ව. 8:15ට පමණ මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය පවසයි.
දරුවන් සහ ගුරුවරිය රැගෙන යමින් සිටි ත්රිරෝද රථය අධික වේගයෙන් ධාවනය වෙමින් තිබියදී ප්රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.
ත්රිරෝද රථයේ ඉදිරිපස රෝදයට සවි කර තිබූ අනාරක්ෂිත අමතර කොටසක් මෝටර් රථයේ ගැටීමෙන් එය පෙරළී ගොස් බරපතළ හානි සිදුවී ඇති බව වාර්තා වේ.
තුවාලකරුවන් දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
එක් දරුවකු හැර අනෙක් සියල්ලන්ම බාහිර රෝගී අංශයෙන් ප්රතිකාර ලබා රෝහලෙන් පිටව ගිය බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මෝටර් රථය පැදවූ කාන්තාව අත්අඩංගුවට ගත් බව නෝර්වුඩ් පොලිසිය පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart