
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජෛව පොහොර තොගයක් මිලදී ගැනීම සඳහා චීන සමාගමකට ගෙවන ලද ඩොලර් මිලියන 6.9 ක මුදල ආපසු ලබාගැනීමට ශ්‍රී ලංකා රජයට නොහැකිව ඇත්තේ, එම ගනුදෙනුවට අදාළ ණයවර ලිපි සහ කාර්ය සාධන බැඳුම්කර තබාගැනීමට මෙරට වගකිවයුත්තන් අපොහොසත් වීම හේතුවෙන් බව අනාවරණය වේ.
ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව සමයේ සිදුකළ ගනුදෙනුවට අදාළ ණයවර ලිපි සහ කාර්ය සාධන බැඳුම්කර කල් ඉකුත්වීමකින් තොරව වලංගුව තබාගැනීමට ශ්‍රී ලංකා බලධාරීන් අපොහොසත් වී ඇතැයි විගණකාධිපතිවරයා සඳහන් කර තිබේ.
ගනුදෙනුවට අදාළ ණයවර ලිපි සහ කාර්ය සාධන බැඳුම්කර 2022 මාර්තු මාසය වන විට කල් ඉකුත් වී ඇති බව විගණකාධිපතිවරයා සඳහන් කරයි.
කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය, සීමාසහිත Colombo Commercial Fertilizers Ltd සහ Ceylon Fertilizer Ltd යන ආයතනවල රාජකාරි පැහැර හැරීමක් සිදුව ඇති බව විගණකාධිපතිවරයා සිය වාර්තාවේ සඳහන් කර ඇත.
ගෝඨාභය රාජපක්ෂ රජය විසින් රසායනික ගොවිතැන සඳහා පනවා තිබූ තහනම හේතුවෙන් කෘෂිකාර්මික අංශයේ අර්බුදය මධ්‍යයේ ශ්‍රී ලංකාව 2021 දී චීනයේ Qingdao Seawin Biotech Group Ltd වෙතින් කාබනික පොහොර තොගයක් මිලදී ගත්තේය.
කෙසේ වෙතත්, එම තොගයේ සාම්පලව හානිකර බැක්ටීරියාවලින් අපවිත්‍ර වී ඇති බවට අනාවරණය වී ඇති බව පවසමින් රජය එය භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇත.
මෙම කාරණය නිසා චීනය සහ ශ්‍රී ලංකාව අතර වාණිජමය ආරවුලක් ඇති කළ අතර, පොහොර සඳහා රජය ඩොලර් මිලියන 6.9ක් (රුපියල් මිලියන 1,382) චීන සමාගමට ගෙවා තිබේ.
වත්මන් ආණ්ඩුව අලාභය අයකර ගැනීම සඳහා නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින බව වාර්තා වේ.
පාඩුව අයකර ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා ශ්‍රී ලංකාව රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සිදු කරන බව මේ සම්බන්ධයෙන් අදහස් පළකරන කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ සඳහන් කර ඇත.
මේ ප්රශ්නය විසඳා පාඩුව අයකර ගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික ක්‍රම උත්සාහ කරන බව ඔහු පවසයි.
මීට අමතරව,මෙම කාබනික පොහොර තොගය මිලදී ගැනීමේදී ශ්‍රී ලංකා බලධාරීන්ගේ රාජකාරි පැහැර හැරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart