
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රුපියල් මිලියන 05ක වටිනාකමින් යුතු ජංගම දුරකථන, ටැබ්ලට් පරිගණක, රූපලාවණ්‍ය ද්‍රව්‍ය සහ දුම්කොළ රෝලිං කඩදාසි පෙට්ටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ මගීන් දෙදෙනෙකු කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපො ළේදී රේගු නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබේ.
ගුවන් තොටුපොළේ ”හරිත මාවත” ඔස්සේ මෙම භාණ්ඩ රැගෙන ඒමට උත්සාහ කිරීමේදී ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකු සහ 45 හැවිරිදි කාන්තාවක් බවත් ඔවුන් ව්‍යාපාරික කටයුතුවල නිරත වන බවත් අනාවරණ වී තිබේ.
රේගු නිලධාරීන් පවසන පරිදි සැකකරු සහ සැකකාරිය අද අලුයම 05.30 ට ඩුබායි සිට මෙරටට ළඟාවී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL-226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.
සැකකරු සහ සැකකාරිය රැගෙන ආ ගමන් මලු 5ක් රේගු නිලධාරීන් භාරයට ගෙන ඇති අතර, එහි නවීනතම මාදිලියේ ජංගම දුරකථන 132ක්, ටැබ්ලට් පරිගණක 14ක්, දුම්කොළ රෝලිං කඩදාසි පෙට්ටි 1,700ක් සහ රූපලාවන්‍ය නිෂ්පාදන විශාල තොගයක්ද තිබී ඇත.
සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මේ වන විට කටුනායක ගුවන් තොටුපළ රේගු නිලධාරීන් විසින් සිදුකරනු ලබයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart