
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නාවික හමුදාව මන්නාරම, සිරිතොප්පුව වෙරළ තීරය ආශ්රිතව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී පක්ෂීන් සහ කුකුළන් ජාවාරමක් පිළිබඳ අනාවරණ කර ගෙන තිබේ.
ඒ අනුව ජාවාරමට සම්බන්ධ සැකකරුවන් 02 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම නීතිවිරෝධී ක්රියාව සඳහා යොදාගත් ඩිංගි යාත්රාවක් ද සිය භාරයට ගත් බව නාවික හමුදාව පවසයි.
සැකකටයුතු ඩිංගි යාත්රාවක් හඳුනාගැනීමෙන් අනතුරුව පේසාලේ නාවික නෞකා ඒකකය විසින් වෙරළ ආසන්නයේ සෝදිසි මෙහෙයුමක් ද දියත්කර තිබිණි.
එම මෙහෙයුමේදී පරෙවියන් 72ක් සහ කුකුළන් 19ක් සමඟ සැකකටයුතු ඩිංගි යාත්රාව නාවික හමුදා භාරයට ගෙන ඇත.
මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 17 සහ 52 වයස්වල පසුවන පේසාලේ සහ මන්නාරම ප්රදේශවල පදිංචිකරුවන් බවට ද හඳුනාගෙන තිබේ.
සැකකරුවන් සහ කුරුල්ලන් මෙන්ම ඩිංගි යාත්රාව නීතිමය කටයුතු සඳහා පේසාලේ පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart