September 12, 2025

පුද්ගලයකුගෙන් රුපියල් 10,000 ක මුදලක් අල්ලසක් ලෙස ඉල්ලා සිටි පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සයින්දමරුදු ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම පොලිස් නිලධාරියා ඊයේ අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම පවසයි.

අදාළ ව්‍යාපාරිකයාගේ ආදායම් බලපත්‍රයට අදාළව නඩු පැවරීමෙන් වැළකී සිටීම සඳහා පොලිස් කොස්තාපල්වරයා මෙම අල්ලස් ඉල්ලා තිබේ.

අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා අම්පාර කොට්ඨාශයේ කරෙයිතිව් පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන කොස්තාපල්වරයෙකි.

සැකකරු සමන්තුරේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.