
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කෙහෙල්බද්දර පද්මෙගේ පාතාල කල්ලියේ න්‍යායාචාර්යවරයා ලෙස කටයුතු කරන කමාන්ඩෝ සලින්ත නමැත්තාට අවි ආයුධ සහ ජීවඋණ්ඩ ලබාදුන් බවට සැකකරන යුද හමුදා ලුතිනන් කර්නල්වරයකු පෑලියගොඩ අපරාධ කොට්ඨාසය මගින් ඊයේ (11දා) අත්අඩංගුවට ගෙන ඇත.
යාපනය මල්ලාවි ප්‍රදේශයේ කඳවුරක රාජකාරි කරන මෙම ලුතිනන් කර්නල්වරයා කමාන්ඩෝ බළකායේ රාජකාරි කළ නිලධාරියකි.
කමාන්ඩෝ සලින්ත යුද හමුදාවේ රාජකාරි කරන කාලසීමාවේ මෙම ලුතිනන් කරනල්වරයාගේ ආරක්ෂකයා ලෙස කටයුතු කළ අයකු බවද විමර්ශනවලින් හෙළි වී ඇත.
කොමාන්ඩෝ සලින්ත විසින් මෙම ලුතිනන් කර්නල්වරයාගේ බැංකු ගිණුමට වරින් වර රුපියල් ලක්ෂ හයක මුදලක් බැර කර තිබූ බවද විමර්ශනවලින් හෙළි වී ඇත.
අවස්ථා දෙකකදී මෙම ලුතිනන් කර්නල්වරයා කමාන්ඩෝ සලින්දට ටී56 ජීවඋණ්ඩ දෙසිය පනහකට අධික සංඛ්‍යාවක් ලබා දී ඇති බවද හෙළිවී තිබේ.
පොලිසිය සැකපහළ කරන්නේ මෙම කර්නල්වරයා කමාන්ඩෝ සලින්තට ගිනිඅවි ද ලබා දෙන්නට ඇති බවයි.
ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම කර්නල්වරයා දීර්ඝ කාලයක සිට කමාන්ඩෝ සලින්ත සමඟ සමීප සම්බන්ධතා පවත්වා ඇති බවද අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් ලුතිනන් කර්නල්වරයා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඊයේ භාර දී තිබිණි.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart