
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සියලුදෙනා එකට එක් කරමින් රට ඉදිරියට ගෙන යා හැකි එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය බව එම පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ඔහු පවසන්නේ එක්සත් ජාතික පක්ෂය යනු ”අලි පවුලක්” බවයි.
තමාට පක්ෂය තුළින් කොතරම් ප්‍රශ්න සහ බාධා පැමිණිය ද තමාගේ එකම අරමුණ පක්ෂයේ සියලු නියෝජිතයින් සමග පක්ෂය ඉදිරියට රැගෙන යාම බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම ඔහු පැවසුවේ පක්ෂය තුළ එකමුතුකම ගොඩනගා එය යළි නගා සිටුවීමට කටයුතු කළ යුත්තේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ බවයි.
එබැවින් ඔහු ඒ පිළිබඳ අලුතින් සිතා කල්පනාකාරීව කටයුතු කළ යුතු බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
එක්සත් ජාතික පක්ෂය යනු රටේ ආර්ථිකය ගොඩ නගා එය ශක්තිමත් කළ පක්ෂයක් බැවින් පක්ෂය කිසිසේත් කඩා වැටීමට ඉඩ දිය යුතු නොමැති බව ද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart