
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉකුත් අඟහරුවාදා රාත්රියේ කොහුවල, සරණංකර පාරේදී රිය අනතුරක් සිදුකර පළාගිය රියදුරකු සොයා පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
වැල්ලවත්ත කෝකිල මාවත ප්රදේශයේ පදිංචි 59 හැවිරිදි පුද්ගලයකු අනතුරින් බරපතළ තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
සැකකාර රියදුරු නිදැල්ලේ සිටින අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කොහුවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
එදින දිවයින පුරා වාර්තා වූ මාර්ග අනතුරුවලින් පුද්ගලයන් සිව්දෙනකු මියගොස් ඇතැයි ද පොලිසිය පවසයි.
බලංගොඩ ප්රදේශයේදී රත්නපුර – බලංගොඩ මාර්ගයේ ධාවනය වූ බස් රථයකට ඉස්සර කිරීමට යෑමේදී යතුරුපැදියක් බස් රථයේ ගැටීමෙන් 34 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
අම්පාර දිස්ත්රික්කයේ තිරුක්කෝවිල් ප්රදේශයේ පොතුවිල්-අක්කරෙයිපත්තු මාර්ගයේ තංගවේලායුතපුරම් ප්රදේශයේදී යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 29 හැවිරිදි යතුරුපැදිකරුවකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා තිබේ.
රත්නපුර, කොළඹ – රත්නපුර මාර්ගයේ බණ්ඩාරනායක මාවත අසලදී මෝටර් රථයක ගැටීමෙන් මුද්දුවේ පදිංචි 48 හැවිරිදි පදිකයෙක් මියගියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart