
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දෙහිවල හිල් වීදියේ නීතිඥවරියක පදිංචි නිවෙසක් ඉදිරිපිට මිදුලෙහි වැටී සිට මියගොස් තිබූ ජනමාධ්යවේදිනියකගේ සැමියාගේ අබිරහස් මරණය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් පවත්වා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ගල්කිස්ස අතිරේක මහේස්ත්රාත් හේමාලි හාල්පන්දෙණිය ඊයේ දින (10) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරන ලදි.
මෙම මරණය සම්බන්ධයෙන් පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවට අනුව මරණයට හේතුව මරණකරුගේ හිස ප්රදේශයට මොට බලයක් යෙදීමෙන් හිසෙහි දකුණු පස ප්රදේශයේ රුධිර වහනය වීමෙන් සිදුවූ මරණයක් බවට සඳහන්ව ඇති බැවින්, එම මරණයට අදාළව අපරාධයක් සිදුව ඇති බවට පෙනීයන බවද අධිකරණයේදී කරුණු වාර්තා විය.
ජනමාධ්යවේදිනියගේ සැමියා පසුගිය ජනවාරි මස 3 වන දින දෙහිවල හිල් වීදියේ නීතිඥවරියකට අයත් නිවෙසෙහි මිදුලෙහි වැටී සිට ඇති අතර, රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
මේ සම්බන්ධයෙන් පොලීසිය විසින් නීතිඥවරියගේ සැමියා වන හිටපු ගුවන් හමුදා නිලධාරිවරයකුගේ සාක්ෂි සටහන් ලබාගෙන ඇති අතර, සාක්ෂිකරුවන්ගේ සාක්ෂි මඟින් මරණය සම්බන්ධව කිසිදු අපරාධයක තොරතුරක් අනාවරණය නොවූවද මරණ පරීක්ෂණ වාර්තාවට අනුව මෙය අපරාධයක් බවට පෙනී යන බව අතිරේක මහේස්ත්රාත්වරිය පැවසුවාය.
මරණකරු මියයෑමට පෙර එදින අදාළ නීතිඥවරියගේ නිවෙස දෙසට යන ආකාරය CCTV දර්ශනවල සටහන්ව තිබේ නම් ඔහු නිවෙස දෙස සිට නැවත මාර්ගයට පැමිණි බවට එහි නිවැසියන් පවසයි නම්, ඔහු පැමිණි බවට පැවසෙන CCTV දර්ශන ලබාගෙන ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු නොකළේ මන්දැයි අතිරේක මහේස්ත්රාත්වරිය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගෙන් විමසා ඇත.
ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකර අධිකරණයට ඉදිරිපත් කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් මහේස්ත්රාත්වරියට පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart