
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කෙහෙල්බද්දර පද්මේ සහ කුඩු සලිඳු ඇතුළු පාතාලකරුවන් පස් දෙනා සමග මුල් කාලයේ දී සබඳතා පැවැත් වූ බව පැවසෙන හිටපු ඇමතිවරුන්, මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලනඥයන් අටදෙනෙකු සහ කලාකරුවන් කිහිපදෙනෙකු පිළිබඳව ද විමර්ශනවල දී තොරතුරු අනාවරණයවී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.
ඒ සම්බන්ධයෙන් ද දුරකථන වාර්තා විශ්ලේෂණය කරමින් පරීක්ෂණ කටයුතු දිගටම කරගෙන යන බව පොලිසිය පවසයි.
එසේම මෙම පාතාලකරුවන් සමග සබඳතා පැවැත්වූ බව පැවසෙන රජයේ නිලධාරීන් පිරිසක් පිළිබඳව ද විමර්ශන අංශවල ඉහළ අවධානය යොමුව ඇත.
මේ සම්බන්ධයෙන් ‘ලංකාදීපය’ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාලගෙන් කළ විමසුමක දී ඔහු පවසා ඇත්තේ, මෙම පාතාලකරුවන් සහ දේශපාලනඥයන් කිහිපදෙනෙකු අතර මුල් කාලයේ තිබූ සබඳතා ගණනාවක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බවය.
කෙහෙල්බද්දර පද්මේ සහ කුඩු සලිඳු ඇතුළු ප්‍රධාන පෙළේ පාතාලකරුවන් පස්දෙනා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔවුන් සමග ගනුදෙනු පැවැත් වූ ප්‍රසිද්ධ පාතාල නායකයන් පස්දෙනෙකු සහ ඔවුන්ගේ ගෝලබාලයන් පනහකට ආසන්න පිරිසක් සිය ගම්බිම් අතහැර ගොස් ඇතැයි ඉහළ පෙළේ පොලිස් ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.
මෙසේ පළාගොස් ඇති වැඩි පිරිසක් දකුණු පළාතේ සහ බස්නාහිර පළාතේ අය වෙති.
එසේම මෙම පාතාලකරුවන් පස්දෙනා සමග කිට්ටු සබඳතා පැවැත් වූ බව කියන විදේශයන්හි සිටි තවත් පාතාල නායකයන් තිදෙනකු වෙනත් රටවලට පළාගොස් ඇතැයි පවසන එම ආරංචි මාර්ග, එසේ පළාගොස් ඇති පාතාලකරුවන් සම්බන්ධයෙන්ද පොලිසිය විමර්ශන ආරම්භ කර ඇතැයිද ප්‍රකාශ කළේය.
කෙහෙල්බද්දර පද්මේ සහ කුඩු සලිඳු ඇතුළු පාතාලකරුවන් පස්දෙනා ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන පසුගිය දා මෙරටට රැගෙන එනු ලැබීය.
විමර්ශන නිලධාරීහු ඔවුන් තැන් කිහිපයක රඳවා ප්‍රශ්න කරමින් සිටිති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart