
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
XIV වැනි ලියෝ පාප් වහන්සේ විසින් කතෝලික පල්ලියේ පළමු සහස්ර සාන්තුවරයා ලෙස ලන්ඩනයේ උපන් කාලෝ ඇකුටිස් ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ අනුව, කතෝලිකයන්ගේ ඊළඟ පරම්පරාවට ඇදහිල්ල ව්‍යාප්ත කිරීමට ඩිජිටල් මාධ්‍ය භාවිත කරමින් ආදර්ශයක් ලබාදුන් ඔහු “God’s influencer” යන අන්වර්ථ නාමය හිමිකර ගත්තේය.
2006 දී වයස අවුරුදු 15දී මියගිය කාලෝ ඇකුටිස් ඊයේ ශුද්ධෝත්තම ලියෝ පාප්වහන්සේ විසින් සාන්ත පීතර චතුරශ්‍රයේ පැවැති විවෘත දේව මෙහෙයක් අතරතුරදී ශාන්තුවරයට පත්කරන ලදී.
එම අවස්ථාව සඳහා දහස් ගණනින් බැතිමත්තු සහභාගී වී සිටියහ.
උත්සවය අතරතුර, ලියෝ පාප්වහන්සේ තරුණ වියේ මියගිය තවත් ජනප්‍රිය ඉතාලි චරිතයක් වන Pier Giorgio Frassati ද සාන්තුවරයෙකු ලෙස ප්‍රකාශයට පත්කළහ.
ඒ සඳහා පැවැති දිව්‍ය පූජාව සැමරීම සඳහා ලියෝ පාප්වහන්සේ සමඟ කාදිනල්වරුන් 36ක්, බිෂොප්වරුන් 270ක්, පූජකවරුන් 212 ක් පැමිණ ඇති බව වතිකානය පවසයි.
ඉතිහාසයේ ප්‍රථම ඇමරිකානු පාප්වරයා වන ලියෝ පියතුනම් දිව්‍ය පූජාව ආරම්භ වීමට පෙර, මෙම ශුද්ධ වූ දිව්‍ය පූජාව සඳහා පැමිණ සිටින තරුණයන් සාදරයෙන් පිළිගන්නා බව පවසා තිබිණි.
සැබවින්ම, එය ස්වාමින්වහන්සේගේ ආශීර්වාදයක් බව ද ඔහු එහිදී පවසා ඇත.
මෙම උත්සව දෙකම මෙම වසර මුලදී පැවැත්වීමට නියමිතව තිබූ නමුත් අප්‍රේල් මාසයේදී ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වීම හේතුවෙන් පසුව කල්දමන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart