
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ අභ්‍යන්තර පරීක්ෂණ වැනි කටයුතුවලින් පොලිස් විශේෂ කාර්ය සාධක බලකායේ (STF) නිලධාරීන් ඉවත් කරන නියෝගයක් ඉල්ලා සංවිධානාත්මක අපරාධ සැකකරුවකු වන ජේ.ඒ. රුවන් කුමාර නොහොත් ‘මිදිගම රුවන්’ තම නීතිඥවරයා මාර්ගයෙන් ගොනු කළ පෙත්සමක් අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත.
අදාළ පෙත්සම පවත්වාගෙන යා නොහැකි බවට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න කළ කරුණු සළකා බැලීමෙන් පසු අභියාචනාධිකරණය මෙම තීරණය නිකුත් කළේය.
තීරණය නිවේදනය කරමින්, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය සහ කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළේ පෙත්සමෙහි සඳහන් ක්‍රියාමාර්ගයට හේතුව තහවුරු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් කිරීමට පෙත්සම්කරු අපොහොසත් වී ඇති බවයි.
ඒ අනුව, එය සැළකිල්ලට නොගෙන ප්‍රතික්ෂේප කරන බව විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළේය.
බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රැඳවියන් පරීක්ෂා කිරීම ඇතුළු අභ්‍යන්තර කටයුතු සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් යෙදවීම බන්ධනාගාර ආඥා පනතේ විධිවිධානවලට පටහැනි බව පෙත්සම්කරු කියා සිටියේය.
ඒ අනුව, බන්ධනාගාරයේ අභ්‍යන්තර කටයුතු සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් යෙදවීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා පෙත්සම්කරු මෙම පෙත්සම ගොනු කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart