
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බංග්ලාදේශ එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක තමිම් ඉක්බාල් වසර 16 ක අන්තර්ජාතික ක්‍රිකට් දිවියට සමුදුන්නේය.
ඇෆ්ගනිස්තානය සමග ඊයේ පැවැති තරගය නිමාවීමෙන් අනතුරුව පැවැති ජනමාධ්‍ය හමුවේදී කදුළු සලමින් ඉතා හැගීම්බරව ඔහු සිය විශ්‍රාමගැනීම පිළිබඳව දැනුම් දුන්නේය.
එහිදී ඉතා අපහසුවෙන් කදුළු පිසදමමින් තමිම් ඉක්බාල් සිය තීරණය දැනුම් දුන්නේ පැමිණ සිටි මාධ්‍යවේදීන්ගේ නෙතටද කදුළක් ගෙන එමිනි.
34 හැවිරිදි තමිම් ඉක්බාල් පසුගිය වසරේ පන්දුවාර විස්ස පිටියට සමුදුන්නේය.
2007 වසරේ අන්තර්ජාතික එක්දින පිටියට පිවිසි ඔහු, බංග්ලාදේශය වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරු වන අතර, එක්දින තරග 241කදී රැස්කර ඇති ලකුණු සංඛ්‍යාව 8313කි. ඊට ශතක 14ක් සහ අර්ධ ශතක 56ක් ඇතුළත් වෙයි.
එක්දින, ටෙස්ට් සහ පන්දුවාර විස්ස පිටියේ ආරම්භක පිතිකරුවකු ලෙස තමිම් ඉක්බාල් බංග්ලාදේශය අඛණ්ඩව නියෝජනය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart