
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2025 දී මෙරට වාහන ආනයනය කිරීම ඩොලර් බිලියන 1.5ක් වන ඉලක්කය තුළ පවතිනු ඇතැයි රජය විශ්වාසය පළකරයි.
සැබෑ ආනයන් විවෘත කර ඇති ණයවර ලිපිවල (LC) වටිනාකමට වඩා තවමත් බෙහෙවින් අඩු බව වාර්තා වේ.
වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන පැවසුවේ අගෝස්තු මස මුල වන විට මෙරට බැංකු රටට වාහන ආනයනය සඳහා අරමුදල් සැපයීම වෙනුවෙන් ඩොලර් බිලියන 1.2කට වඩා වටිනා ණයවර ලිපි විවෘත කර ඇති අතර එමගින් මාස හතක් ඇතුළත පෙර තිබූ වාර්ෂික ඉලක්කය ඉක්මවා ගොස් ඇති බවයි.
කෙසේවෙතත්, 2025 දී ඩොලර් බිලියන 1.5ක් දක්වා වාහන ආනයනය සඳහා රටට ඇති හැකියාව පිළිබඳ විශ්වාසය පළ කරමින් රජය තම ඉලක්කය සංශෝධනය කර ඇති බව ඔහු පැවසීය.
“අපගේ මූලික ඉලක්කය වාහන ආනයන සඳහා ඩොලර් මිලියන 1,000ක්, පසුව එය ඩොලර් මිලියන 1,200 දක්වා ඉහළ දැම්මා. අපට ඩොලර් බිලියන 1.5ක් දක්වා වාහන ආනයනය සඳහා පහසුකම් සැලසිය හැකි බව ජනාධිපතිවරයා දැන් හෙළි කර තිබෙනවා,” ඔහු තවදුරටත් පැවසීය.
සැබෑ ආනයන විවෘත කරන ලද ණයවර ලිපිවල වටිනාකමට වඩා බෙහෙවින් අඩු වීම සළකා බැලීමේදී ඩොලර් බිලියන 1.5ක නව වාර්ෂික ඉලක්කය ප්‍රමාණවත් වනු ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය ජයවර්ධන විශ්වාසය පළ කළේය.
“ඩොලර් බිලියන 1.2ක ණයවර ලිපි විවෘත කර ඇතත්, තවමත් ඩොලර් බිලියන 1ක් වටිනා වාහන ආනයන ඇවිත් නැහැ,” ඔහු පැවසීය.
පසුගිය සතියේ Advocata ආයතනය සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී, ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර හෙළි කළේ ජුනි මස අවසානය දක්වා සැබෑ වාහන ආනයන ඩොලර් මිලියන 500ක් ලෙස තක්සේරු කර ඇති බවත්, එය මේ වසරේ මේ දක්වා විවෘත කර ඇති ඩොලර් බිලියන 1.2ක ණයවර ලිපිවලට ඇතුළත් බවත්ය.
වාහන රටට පැමිණීම සඳහා ණයවර ලිපි විවෘත කිරීමෙන් මාස 2-4ක ප්‍රමාද කාලයක් පවතියි.
“අපගේ නවතම ප්රක්ෂේපණවලට අනුව මෙම වසරේ වාහන ආනයනය ඩොලර් බිලියන 1.5ක් හෝ ඊට අඩු වනු ඇතැයි අපි විශ්වාස කරනවා.” යැයි ඔහු පැවසීය.
මෙතරම් දුරට වාහන ආනයනය කළත්, ශ්‍රී ලංකාව අඛණ්ඩව තුන්වැනි වසරටත් මෙම වසරේ ජංගම ගිණුමේ අතිරික්තයක් දකිනු ඇති බවත්, 2026 වන විට ජංගම ගිණුම කළමනාකරණය කළ හැකි හිඟයක් ඇති වනු ඇති බවත් ආචාර්ය අමරසේකර පැවසීය.
එබැවින්, 2025 දී අපේක්ෂිත ඩොලර් බිලියන 1.5ක වාහන ආනයනයෙන් ජංගම ගිණුමට හෝ අපගේ සංචිත ගොඩනැගීමේ උත්සාහයන්ට විශාල පීඩනයක් ඇති කරන බවක් නොපෙනෙන බව ඔහු සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart