
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මේ වසරේ ජූනි මස අවසන් වන විට චීන මහජන බැංකුවේ හුවමාරු පහසුකමද ඇතුළුව මෙරට දළ නිල සංචිතය අමෙරිකානු ඩොලර් බිලියන 3.5ක් ලෙස ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.
ගෝලීය ඉල්ලුමේ මධ්‍යස්ථභාවය පිළිබිඹු කරමින් වෙළඳ භාණ්ඩ අපනයනයේ යම් පසුබෑමක් තිබියදීත්, මැයි මාසය වනතෙක් වසරේ පළමු මාස පහ තුළ වෙළඳ හිඟය කැපී පෙනෙන ලෙස අඩු වී ඇති අතර, වෙළඳ භාණ්ඩ ආනයනවල සැළකිවයුතු අඩුවීමක් දක්නට ලැබෙන බව මහ බැංකුව සිය නවතම මුදල් ප්‍රතිපත්ති සමාලෝචනයේ සඳහන් කර ඇත.
දේශීය විදේශ විනිමය වෙළෙඳපොළේ ද්‍රවශීලතා තත්ත්වයන් මෑත මාසවලදී අඛණ්ඩව වැඩිදියුණු වූ අතර, විදේශ විනිමය ගලා ඒම වැඩිවීම හේතුවෙන් එය තවදුරටත් වර්ධනය වූ බව එහි සඳහන් වේ.
පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ පළමු භාගය තුළ සංචාරක ඉපැයීම් මෙන්ම ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණද සැළකිවයුතු ලෙස ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවත්, මෙම ප්‍රවේශය පුරෝකථනය කර ඇති පරිදි ඉදිරියට යනු ඇතැයි බලාපොරොත්තු වන බවත්, ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
අයවැය සහාය සඳහා රජයට බහුපාර්ශ්වික ආයතනවලින් අරමුදල් ලැබී ඇති අතර, වසරේ ඉතිරි කාලය තුළ තවදුරටත් අරමුදල් ගලාඒම් අපේක්ෂා කරන බවද එහි සඳහන් වේ.
වසරේ මේ දක්වා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 19 කින් පමණ ඉහළ ගොස් ඇත.
දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් සැළකිවයුතු විදේශ විනිමය ප්‍රමාණයක් රැස්කර ගැනීමට හැකි වූ බවද මහ බැංකුව ප්‍රකාශ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart