
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාලගේ යැයි හැඟෙන ලෙස ව්‍යාජව සකස් කරන ලද ඡායාරූප හා ව්‍යාජ ප්‍රවෘත්තීන් සම්බන්ධයෙන් එම අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
එම සම්පූර්ණ නිවේදනය මෙසේයි;
විදේශගතව සිටිමින් ශ්‍රී ලංකාව තුළ විවිධ සංවිධානාත්මක අපරාද මෙහෙයවීම සම්බන්දයෙන් අත්අඩංගුවට ගත් කෙහෙල්බද්දර පත්මේ නම් පුද්ගලයා ඇතුලූ පිරිස පසුගිය දා ඉන්දුනීසියාවේදී ශ්‍රී ලංකා පොලීසියේත් ඉන්දුනීසියානු පොලීසියේත් ඒකාබද්ද මෙහෙයුමක් මගින් අත්අඩංගුවට ගනු ලැබීය.
එකී අත්අඩංගුවට පත්වූ පිරිස 2025-08-30 දින පස්වරුවේදී ශ්‍රී ලංකාවට රැගෙන එන ලදී. එම අවස්ථාවට ඉන්දුනීසියානු පොලීසියේ නිලධාරීන් කිහිප දෙනෙක් ද සහභාගී වූහ.
එකී මෙහෙයුමට සම්බන්ධ වූ ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන් සදහා අවශ්‍ය දිරි ගැන්වීම ලබා දීම ෙදහාත් මෙම මෙහෙයුමට සමබන්ධ වූ ඉන්දුනීසියානු පොලිස් නිලධාරීන්ට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ස්තූතිය පළ කිරීම සඳහාත් කෙටි උත්සවයක් කටුනායක බණ්ඩාරණායක ගුවන්තොටුපල පරිශ්‍රයේදී පැවැත්වූ අතර එම අවස්ථාවට මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාත් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාත් සහභාගී වන ලදී.
එහිදී මෙම මෙහෙයුමට සම්බන්ධ වූ ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන්ට හා ඉන්දුනීසියානු පොලීසියේ නිලධාරීන්ට සමරු ඵලක හා ත්‍යාග ප්රදානය කිරීම ගරු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
නමුත් මෙම සිදු වීම සම්බන්ධයෙන් ව්‍යාජ ලෙස සංස්කරණය කරන ලද ඡායාරූප මෙන්ම ප්‍රවෘත්තීන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වනු නිරීක්ෂණය විය. ඒ අනුව විශේෂයෙන්ම අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ යැයි හැඟෙන ලෙස ව්‍යාජ ලෙස සකස් කරන ලද ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී.
එම ව්‍යාජ ඡායාරූප හා ව්‍යාජ ප්‍රවෘත්තීන් දැඩි ලෙස ප්‍රතික්ෂේප කර සිටින අතර එකී ව්‍යාජ ඡායාරූප සකස් කොට පළ කරන පුද්ගලයන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වේ.
විශේෂයෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය මර්දනය කිරීම සදහා විශේෂ මෙහෙයුම් වන විට ක්‍රියාත්මක වන අතර සත්‍යවූූත් නිවැරදි වූත් තොරතුරු පමණක් සමාජ මාධ්‍ය හා අනෙකුත් මාධ්‍ය තුළ ප්‍රචාරණය කරන මෙන් සියලූම මාධ්‍ය ආයතනවලින් මෙන්ම සමාජ මාධ්‍ය පරිශීලකයන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
මාධ්‍ය අංශය
මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart