
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආර්ථික ප්‍රසාරණයට රුකුලක් වෙමින් මහ බැංකුව ණය සහ තැන්පතු පොලී අනුපාතය තව දුරටත් පහළ දමා ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි.
රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කරන්නේ ආර්ථිකය යථාවත් කිරීම සඳහා බැංකු කටයුතු කෙරෙහි ජනතාවගේ සහභාගීත්වය මේ අනුව ඉහළ යනු ඇති බවයි.
ආර්ථික අර්බුදයත් සමග ණය පොලී අනුපාතය 16.5% දක්වා ද තැන්පතු පොලී අනුපාතය 15.5% දක්වා 175%කින් ඉහළ නැංවීමට මහ බැංකුව මීට පෙර පියවර ගත්තේ ය.
පසුව රජය විසින් ගත් ආර්ථික තීරණවල ප්‍රතිඵල මත එම පොලී අනුපාතය 2.5%කින් අඩු කිරීමට හැකි විය. ඒ අනුව ණය පොලී අනුපාතය 14% දක්වා ද තැන්පතු පොලී අනුපාතය 13% දක්වා ද පහළ ගොස් ඇත.
එහි තවත් පියවරක් ඉදිරියට යමින් පොළී අනුපාතය තවත් 2%කින් පහළ දමා තිබේ.
ඊට සමගාමීව ණය පොලී අනුපාතය 12%ත් ලෙස ද තැන්පතු පොලී අනුපාතය 11%ක් ලෙස ද පහළ ගොස් ඇත.
ඒ අනුව එය පෙර පැවැති පොලී අනුපාත සමග සසඳන කල 75%ක පමණ පහළ යෑමකි.
රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කරන්නේ ඒ අනුව යමින් කඩිනමින් වාණිජ බැංකු සහ මූල්‍ය ආයතන ද සිය පොලී අනුපාත පහත දමනු ඇති බවයි.
බැංකු කටයුතු සඳහා ජනතාව මැදිහත් වීම ඉහළ යමින් ආර්ථිකය ප්‍රසාරණය වීම සඳහා එය මහත් රුකුලක් වනු ඇති බව රාජ්‍ය ඇමැතිවරයා වැඩි දුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart