
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මත්ස්‍ය අස්වැන්න පහත වැටීම නිසා කුකුළු මස් මිල ඉහළ ගොස් ඇතැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර සඳහන් කරයි.
මේ නිසා මාළු කිලෝවක් රුපියල් 3000 දක්වා ඉහළ ගොස් ඇති බවද ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී අද (05) සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ, මත්ස්‍ය අස්වැන්න අඩුවීමත් සමඟ පවතින ඉහළ ඉල්ලුම හේතුවෙන් කුකුළු මස් මිල ඉහළදමා ඇති බවය.
ඉහළ ඉල්ලුමට සරිලන පරිදි කුකුළු මස් නිෂ්පාදනය වැඩි වී නොමැති අතර, කුකුල් මස් මිල විශාල වශයෙන් වැඩි කිරීම අසාධාරණ බවත්, හැකි ඉක්මණින්ම කුකුළු මස් මිල අඩුකිරීමට කටයුතු කරන බවත්, ඇමැතිවරයා සඳහන් කළේය.
එමෙන්ම නිෂ්පාදනය කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත්වන බැවින් මාස තුනක් ඇතුළත බිත්තර හිඟය ද විසඳෙනු ඇතැයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart