
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කැස්ස සඳහා භාවිත කරන සිරප් වර්ගයක් පානය කිරීමෙන් ඉන්දියාවේ ළමුන් නව දෙනෙකු පමණ මිය ගොස් ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඉන්දීය ප්‍රාන්ත තුනක් එම සිරප් වර්ගය තහනම් කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් බලධාරීන් පවසා ඇත.
තමිල්නාඩුවේ ශ්‍රේසන් ෆාමා විසින් නිෂ්පාදනය කරන ලද කෝල්ඩ්රිෆ් කැස්ස සිරප්වල පරීක්ෂණ සාම්පලවල ඩයිතිලීන් ග්ලයිකෝල් (DEG) අඩංගු බව ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
ඩයිතිලීන් ග්ලයිකෝල් යනු කුඩා ප්‍රමාණවලින් පවා ශරීරගත වුවහොත් ඉතා විෂ සහිත කාර්මික ද්‍රාවකයකි.
“සාම්පලවල අවසර ලත් සීමාව ඉක්මවා ඩයිතිලීන් ග්ලයිකෝල් අඩංගු බව සොයාගෙන ඇත,” යනුවෙන් අමාත්‍යාංශ ප්‍රකාශයේ සඳහන් විය.
“මෙම සිරප් විකිණීම මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තය පුරා තහනම් කර ඇත,” බොහෝ මරණ සිදු වූ එම ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය මොහාන් යාදව් පැවසීය.
අනෙකුත් ශ්‍රේසන් ෆාමා නිෂ්පාදන විකිණීම ද තහනම් කරන බව යාදව් පැවසීය.
දේශීය මාධ්‍යවලට අනුව තමිල්නාඩුව සහ එහි අසල්වැසි ප්‍රාන්තය වන කේරළය ද මෙම සිරප් අලෙවිය තහනම් කර ඇත.
මේ අතර, ද හින්දු පුවත්පතට අනුව, දකුණු තෙලන්ගානා ප්‍රාන්තය කෝල්ඩ්රිෆ් කැස්ස සිරප් සම්බන්ධයෙන් මහජන අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart