
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2023 වසරේදී ශ්‍රී ලංකාවේ ලාදුරු රෝගීන්ගේ සැළකිව යුතු වැඩිවීමක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලාදුරු මර්දන ව්‍යාපාරය අනාවරණය කරයි.
වසරේ මුල් මාස 07 තුළදී රෝගීන් 864 දෙනකු හඳුනාගෙන ඇති අතර, ඉන් 161 දෙනෙකු කොළඹින් වාර්තා වී ඇති බව ලාදුරු මර්දන ව්‍යාපාරය සඳහන් කරයි.
එහි දත්තවලට අනුව එගොඩවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කලාපයෙන් පමණක් ලාදුරු රෝගීන් 47 දෙනකු වාර්තා වී ඇත.
ලාදුරු මර්දන ව්‍යාපාරයේ වෛද්‍ය ප්‍රසාද් රණවීර පවසන්නේ, ලබන සතියේ බස්නාහිර පළාත තුළ දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කරන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart