February 18, 2026

මරණ දඬුවම නියමව රැඳවියන් 837ක් බන්ධනාගාරගතව සිටින බව බන්ධනාගාර වාර්තා අනාවරණය කරයි.

මෙම පිරිස අතර විදේශිකයන් සහ කාන්තාවන් 18ක් සිටින බව ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ඒ. සී. ගජනායක පවසයි.

මරණ දඬුවම නියම වූ රැඳවියන් 387 දෙනකු අධිකරණයට අභියාචනා ඉදිරිපත් කර තිබේ.

මෙම රැඳවියන්, වැලිකඩ, බූස්ස, බෝගම්බර, මහර, අඟුණකොළපැලැස්ස ඇතුළු බන්ධනාගාර කිහිපයක රැඳවීමට පියවර ගෙන ඇත.(දිවයින)