
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සංචාරය සඳහා වඩාත් හිතකර රටක් බවට පත් කරමින් ජර්මන් ජාතික සමාජ සේවිකාවක වන 81 හැවිරිදි උර්සුලා බේයර් (Ursula Beier) 122 වැනි වරටත් ශ්‍රී ලංකාවේ සංචාරයක් අරඹමින් ඊයේ (10) අලුයම කටුනායක, බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළ වෙත පැමිණියාය.
1979 වසරේ සිට අඛණ්ඩව 122 වරටත් මෙම ජර්මන් ජාතික සමාජ සේවිකාව ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන අතර, ඇය ‘සාමය හා දයාව’ පදනම බිහිකර, එමඟින් ‘දරුවා හදා ගම හදමු’ යන සංකල්පය යටතේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන, සෞඛ්‍ය, ආර්ථික සහ සදාචාරය යන ක්ෂේත්රයන් ඔස්සේ සංවර්ධන ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක කරයි.
ඇය ඇතුළු ඇගේ දූත පිරිස ඊයේ අලුයම 05.35ට ඉන්දියාවේ මුම්බායි සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 142 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියාය.
උර්සුලා බේයර් ඇතුළු පිරිස පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් සහ ඇගේ ‘සාමය හා දයාව’ පදනමේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart